අතිඋද්ධමනය
From Wikipedia, the free encyclopedia
ආර්ථික විද්‍යාවේදී, අතිඋද්ධමනය යනු මුදල් වල වටිනාකම අඩු වනවිට මිල ශීඝ්‍රයෙන් ඉහළ යන "පාලනය කළ නොහැකි" තත්ත්වයකි. සමුච්චිත උද්ධමන අනුපාතිකය වර්ෂ තුනක කාලයකදී 100% දක්වා ළගාවීමේ සිට "උද්ධමනය මසකට 50% ඉක්මවීම" දක්වා වන පරාසය තුළ විවිධ අයුරින් මෙය නිර්වචනය කරනු ලබයි. අවිධිමත් භාවිතයේදී, මෙම පදය නිරතුරුව ඉතා ඉහළ අනුපාතිකවලට යොදාගනී. සාමාන්‍ය රීතියක් ලෙස උද්ධමනය වර්ෂයකට වරක් වාර්තා කරනු ලබන නමුත් අතිඋද්ධමනය ඉතා කෙටි කාල ප්‍රාන්තර සඳහා, බොහෝවිට මසකට වරක්, වාර්තා කරනු ලබයි.
බොහෝ ආර්ථික විද්‍යාඥයින් මෙයට භාවිතා කරන නිර්වචනය නම්, "සමතුලිතය දෙසට ගමන් කිරීමේ ප්‍රවණතාවයක් නැති උද්ධමන චක්‍රයක්" යන්නයි. චක්‍රයේ සෑම පුනරාවර්තයකම තව තව උද්ධමනය නිර්මාණය වීම තුළ මෙවැනි උද්ධමන ඇති වේ. අතිඋද්ධමනය තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපාන හේතු පිළිබඳව පුළුල් කතිකාවතක් පැවතියද මුදල් සැපයුමේ අපරීක්ෂාකාරී ඉහළ යාමක් ඇතිවිට හෝ අතිවිශාල ලෙස කාසි හා නෝට්ටු නිකුත් කරන විට හෝ බොහෝ විට යුද්ධ (හෝ පසුවිපාක), ආර්ථික පරිහානි හෝ දේශපාලන හෝ සමාජ කැළඹීම් සමඟ එය නිතරම දැකිය හැකිය.
1923 - 24 උද්ධමනය : ජර්මානු කාන්තාවක් මුදල්වලට දර මිලදී ගෙන දැවිය හැකි කාලයට වඩා වැඩි කාලයක් දැවිය හැකිවන මුදල් නෝට්ටු පෝරණුවක් තුළට දමද්දී.