ඇඩොල්ෆ් හිට්ලර්ගේ බලප්‍රාප්තිය
From Wikipedia, the free encyclopedia
1919 සැප්තැම්බරයේදී [lower-alpha 1]ජර්මනියේදී ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි (කෙටි නම ඩීඒපී – ජර්මානු කම්කරු පක්ෂය) නම් දේශපාලන පක්ෂයට හිට්ලර් බැඳීමක් හා සමගම; ඇඩොල්ෆ් හිට්ලර්ගේ බලප්‍රාප්තිය ඇරඹුනු අතර, වසර 1920 දී මෙම පක්ෂයෙහි නම නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි – එන්එස්ඩීඒපී (ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය, පොදුවේ ව්‍යවහාර නම නාසි පක්ෂය) වෙත වෙනස් කෙරිණි. මෙම දේශපාලන පක්ෂය සංස්ථාපනය කොට දියුණු කරනු ලැබුවේ පහ්චාත්-පඵමුවන ලෝක යුද්ධ යුගයෙහිදීය. එම පක්ෂය මාක්ස්වාදී-විරෝධි වූ අතර, ප්රජාතන්ත්රවාදි පශ්චාත්-යුද්ධ වයිමාර් ජනරජ රජයට සහ වර්සේල්ස් ගිවිසුමට විරුද්ධවූ එය, අත්‍යන්ත ජාතිකවාදය සහ සමස්ත-ජර්මානුවාදය මෙන්ම උග්‍ර යුදෙව්-විරෝධිතාව නිර්දේශනය කලහ. රයිස්ටාග් විසින් 1933 බලදායි පණත එම මාසයේදී සම්මත කිරීමෙන් පසුව, හිට්ලර්ගේ "බලප්රාප්තියේ" උච්චතම අවධිය 1933 මාර්තු මසදී එළඹුනු බවක් සැලකෙයි; පාර්ලිමේන්තු මැතිවරණ මාලාවක් සහ ඒවා හා බැඳි තිරයෙන් පසුපස කූටෝපායයන් වලින් පසුව, ජනාධිපති පෝල් ෆන් හින්ඩ්න්බර්ග් විසින් 1933 ජනවාරි 30 වත්ම චාන්සලර් ලෙසින් හිට්ලර් පත් කර තිබුණි. නෛතික විරෝධයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක ලෙසින් ඒකාධිපති බලය පවත්වාගෙන යෑමේ වරය, බලදායි පණත—නිර්දය ලෙසින් සහ අධිකාරයක් සහිතව භාවිතා කල විට—විසින්, හිට්ලර් වෙත,අතථ්‍ය ලෙසින් සහතික කර ප්රදානය කොට තිබුණි.
ඇඩොල්ෆ් හිට්ලර්, ප්රමුඛ තලයකට පිවිසුනේ, පක්ෂයෙහි මුල් අවධියෙහිය. පක්ෂය තුල සිටි දක්ෂතම කථිකයා වූ හෙතෙම, අනෙකුත් පක්ෂ සමාජිකයන්ට කියා සිටියේ තමා පක්ෂ නායකත්වයට පත් කරන ලෙස හෝ ඔහු පක්ෂය හැර යන බවය. ඔහුගේ දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවාගැනුම පිණිස, ප්රචණ්ඩත්වය භාවිතා කිරීමට ඔහු තුල වූ රුචිය සහ එවැනි රුචිකත්වයක් ඇත්තන් පක්ෂයට බඳවා ගැනුම, ඔහු හට අර්ධ වශයෙන් සහය වූ බව පෙනෛයි. 1923 නොවැම්බරයෙහි පැවති බියර් හල් පුච් සහ පසුව නිකුත්වූ ඔහුගේ ග්‍රන්ථය මයින් කම්ෆ් (මගේ අරගලය ලෙසින් සාමන්‍යෙයෙන් පරිවර්තනය කෙරෙයි) විසින් හිට්ලර් පුළුල් ග්රාහක පිරිසක් වෙත නිරාවරණය කෙරිණි. 1920 ගණණ් වල මැද භාගයෙහිදී, පක්ෂය මැතිවරණ සටන් කිහිපයකට මුහුණ දුන් අතර, එහිදී කථිකයෙක් සහ සංවිධායකයෙන් ලෙසින් මෙන්ම,[lower-alpha 2] රෝට්ෆ්රොන්ට්කෙම්ෆර්බුන්ඩ් සහ නාසි පක්ෂයේ ස්ටූමබ්ටයිලුන් (SA) අතර වීදි සටන් සහ ප්රචණ්ඩත්වය සඳහාද හිට්ලර් දායකත්වය සැපයීය. 1920 ගණන් වල අග භාගයෙහිදී මෙන්ම 1930 ගණන් වල මුල් භාගයෙහිදී, අවශ්‍ය තරමේ මැතිවරණ සහාය ලැබූ නාසිහූ රයිස්ටාග් තුල විශාලතම දේශපාලන පක්ෂය බවට පත්වූ අතර, හිට්ලර්ගේ දේශපාලන තික්ෂණතාව, වංචකභාවය සහ කපටබව යන්නන්ගේ සංකලනය තුලින්, පක්ෂයේ බහුතර-නොවන වුවද බහුත්ව තත්ත්වය, 1933 වසරෙහිදී පැවැති ආබාධිත වෙයිමාර් ජනරජය තුල කාර්යසාධක රාජ්‍ය පාලන බලයක් බවට පෙරලා ගැනුමට සමත් විය.
බලයට පත්වූ පසුව, නාසිවරුන් බලප්‍රාප්තිය පිළිබඳව මිථ්‍යා ප්‍රවාදයක් තැනූ අතර, දළ වශයෙන් මෙම ලිපියෙහි විෂය පථයය අදාළ කාල පරිච්ඡේදය, ඔවුන් විසින් හැඳින්වුනේ කැම්ප්ෆ්සයිට් (අරගල කාලසීමාව) හෝ කැම්ෆියාරර් (අරගල වසර ගණන) ලෙසිනි.