ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1997
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය / From Wikipedia, the free encyclopedia
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 1997 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකට සහභාගී විය. පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 952 ක් රැස් කළ අතර එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක ඉනිමක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මෙම තරඟයේදී සනත් ජයසූරිය සහ රොෂාන් මහානාමගේ දෙවන කඩුල්ල සඳහා වූ ඉහළම සබඳතාව ඇතුළත්ව තවත් වාර්තා කිහිපයක් පිහිටුවන ලදි. ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ටෙස්ට් තරගමාලාව ජය පරාජයෙන් තොරව අවසන් විය.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1997 | |||||
ඉන්දියාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 1997 අගෝස්තු 2 – 1997 අගෝස්තු 24 | ||||
නායකයන් | සචින් තෙන්ඩුල්කාර් | අර්ජුන රණතුංග | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | සචින් තෙන්ඩුල්කාර් (290) | සනත් ජයසූරිය (571) | |||
වැඩිම කඩුළු | අනිල් කුම්බ්ලේ (5) | මුත්තයියා මුරලිදරන් (9) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | සනත් ජයසූරිය | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මොහොමඩ් අසරුදීන් (211) | අරවින්ද ද සිල්වා (212) | |||
වැඩිම කඩුළු | අබේ කුරුවිල්ල (6) | සනත් ජයසූරිය (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | සනත් ජයසූරිය |
අයහපත් කාලගුණය හේතුවෙන් තුන්වන තරගය නැවත ක්‍රීඩා කිරීමට සිදු වුවද එක්දින ජාත්‍යන්තර තරඟ තුනම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කල අතර සනත් ජයසූරිය තරගාවලිය තුළ කැපී පෙනෙන ක්‍රීඩකයා විය. ඔහු ටෙස්ට් තරගමාලාව සහ එක්දින තරගමාලාව යන දෙකින්ම තරගමාලාවේ ක්‍රීඩකයා වශයෙන් තෝරා ගත් අතර තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තේය. ඔහු ටෙස්ට් තරගාවලියේදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වූ අතර එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ද ලබා ගත්තේය.