උච්ච වායු
උච්ච වායු යනු සම්මත තත්ත්ව යටතේ අඩු රසායනික ප්‍රතික්‍රියාශීලතාවක් දක්වන අවර්ණ, ගන්ධයක් නොමැති, / From Wikipedia, the free encyclopedia
උච්ච වායු යනු සම්මත තත්ත්ව යටතේ අඩු රසායනික ප්‍රතික්‍රියාශීලතාවක් දක්වන අවර්ණ, ගන්ධයක් නොමැති, ඒක පරමාණුක අණුවලින් යුක්ත වූ සමාන ගුණ ඇති රසායනික මූලද්‍රව්‍ය කාණ්ඩයක් වේ. ස්වභාවයේ පවතින ස්වභාවයේ පවතින උච්ච වායු සය වනුයේ හීලියම්(He), නියෝන්(Ne), ආගන්(Ar), ක්‍රිප්ටෝන්(Kr), සෙනෝන්(Xe) සහ විකිරණශීල රෙඩෝන්(Rn) වේ.
ආවර්තිතා වගුවේ පළමු ආවර්ත සය සඳහා උච්ච වායු යනු නිශ්චිතවම 18 වන කාණ්ඩයේ සාමාජිකයන්ය. සාපේකෂීය බලපෑම් හේතුවෙන් 18 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වන යුනුනෝක්ටියම් වෙනුවට 14 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වන ෆ්ලෝරෝවියම් උච්ච වායු වලට අදාළ ගුණ පෙන්වයි. පරමාණුක ව්‍යුහය තුළ නවතම සිද්ධාන්ත වලට අනුව උච්ච වායු ගුණ ඉතා හොඳින් විස්තර කළ හැකි වේ. ඒවායේ සංයුජතා ඉලෙක්ට්‍රොණ සහිත බාහිර කවච "සම්පූර්ණ" වී පවතින බව සැළකෙයි. මේ නිසා රසායනික ප්‍රතික්‍රියා සඳහා අඩු ප්‍රවණතාවක් දක්වන අතර පිළියෙල කළ හැකි උච්ච වායු සංඛ්‍යාව සාපේක්ෂව කුඩා ප්‍රමාණයක් වේ. උච්ච වායූන්හි ද්‍රවාංක හා තාපාංක එකිනෙකට සමීප වන අතර 10 °C (18 °F)කට වඩා අඩු ප්‍රමාණයකින් එකිනෙකට වෙනස් වේ. එනම් ඒව කුඩා උෂ්ණත්ව පරාසයකින් ඉහළ දැමූ වීට ද්‍රව බවට පත් වේ
හීලියම් සාමාන්‍යයෙන් ස්වභාවික වායූන් ට අයත් නොවන අතර රෙඩෝන් සාමාන්‍යයෙන්, ද්‍රාවිත රේඩියම් සංයෝගවල විකිරණශීල ක්ෂය වීම හේතුවෙන් වෙන්ව පවතියි. උච්ච වායු යොදා ගන්නා කාර්මික යෙදීම් වශයෙන් ආලෝකකරණ කටයුතු, පෑස්සීම් කටයුතු සහ අභ්‍යවකාශ ගවේෂණ හැඳින්විය හැක. මීටර 55ට(අඩි 180) වඩා වැඩි මුහුදේදී කිමිදුම් කරුවන් විසින් ශ්වසනය සදහා හීලියම් සහ ඔක්සිජන් අඩංගු වායුවක් සුලබ ලෙස යොදා ගනු ලබයි. එමගින් කිමිදුම්කරුවන් ඔක්සිජන් ධූලකරක්තිය මගින් මුදවා ගැනීම, අධි පීඩන ඔක්සිජන්වල මාරාන්තික බලපෑමෙන් ආරක්ෂා කර ගැනීම, නයිට්ට්‍රජන් මාදකත්වය සහ මෙම ආංශික පීඩන පර්යන්තයෙන් එපිට පවතින වාතයේ ඇති නයිට්ට්රජන්වල උමතු කරවනසුළු මාදක බලපෑමෙන් රැක ගැනීම ආදිය අපේක්ෂා කෙරේ. හයිඩ්රජන්වල ගිනිගන්නාසුළු බව පැහැදිලි වීමෙන් පසුව බැලූන සහ කුඩා අහස් නැව් තැනීමේදී හයිඩ්රජන් වෙනුවට හීලියම් යොදා ගැනිණ.