එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය
ලේකම් / From Wikipedia, the free encyclopedia
එය මෑන්හැටන් නගර කොට්ටාශයේ ටර්ට්ල් බේ වටපිටාවෙහි නැගෙනහිර නදිය දෙස ඉහල සිට බලාසිටින සිටින සේ විශාල ප්‍රදේශයක් වසා පිහිටා ඇත. එහි මායිම් වන්නේ බටහිර දිශාවෙන් පලමුවන හරස් වීදිය, දකුණු දිශාවෙන් නැගෙනහිර 42වන වීදිය, උතුරු දිශාවෙන් නැගෙනහිර 48වන වීදිය සහ නැගෙනහිර දිශාවෙන් නැගෙනහිර නදිය වශයෙනි. ටර්ට්ල් බේ යන්න ඇතැම් විට එක්සත් ජාතීන්ගේ මූලස්ථානය සඳහා මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්පූර්ණ වශයෙන් හැඳින්වීමේ අලංකාර පදයක් ලෙස ද යොදාගනු ලබයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථානය | |
---|---|
විකල්ප නම් | ඉංග්‍රීසි: Headquarters of the United Nations අරාබි: مقر الأمم المتحدة චීන: 联合国总部大楼 ප්‍රංශ: Siège des Nations unies රුසියානු: Штаб-квартира Организации Объединённых Наций ස්පාඤ්ඤ: Sede de las Naciones Unidas |
සාමාන්‍ය තොරතුරු | |
ගෘහනිර්මාණ ශෛලිය | International Style |
පිහිටීම | New York City (අන්තර්ජාතික ප්‍රදේශය) |
ලිපිනය | 760 United Nations Plaza, New York, New York 10017, United States |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 1948 (1948)[1] |
සමාප්තිය | 9 ඔක්තෝබර් 1952 (1952-10-09)[1] |
පිරිවැය | $65,000,000 (in adjusted inflation $Error when using {{Inflation}}: |index=US (parameter 1) not a recognized index.) |
හිමිකරු | එක්සත් ජාතීන්ගේ සංවිධානය |
උස | 155 මීටර (509 ft)[1] |
තාක්ෂණික තොරතුරු | |
මහල් සංඛ්‍යාව | 39[1] |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | Oscar NiemeyerLe CorbusierHarrison & Abramovitz |
ප්‍රධාන කොන්ත්‍රාත්කරු | [Fuller, Turner, Slattery, and Walsh] |
එක්සත් ජාතීන් සතුව තවත් අමතර, උපකාරක, ප්‍රාදේශීය මූලස්ථාන/ මූලස්ථාන දිස්ත්‍රික්ක තුනක් ඇත. ඒවා ජිනීවා (ස්විට්සර්ලන්තය), වියානා (ඔස්ට්‍රියාව), සහ නයිරෝබි (කෙන්යාව) යන ස්ථානයන්හි පිහිටා ඇත. මෙම අනුබද්ද කාර්යාල එක්සත් ජාතීන්ගේ සම්බන්ධතාවයන් නියෝජනය කිරීම, ජාත්‍යන්තර කටයුතු සඳහා පහසුකම් සැලසීම සහ නිශ්චිත බිහිදෙස් වරප්‍රසාද භුක්තිවිඳීම සිදුකලද, නිව්යෝර්ක් නුවර පිහිටි ප්‍රධාන මූලස්ථානය පමණක්, මහා මණ්ඩලය සහ ආරක්ෂක කවුන්සලය ඇතුලත්ව එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ආසන වලින් සමන්විතවේ. එක්සත් ජාතීන්ගේ විශේෂිත කාර්යාංශ පහලවම පිහිටා ඇත්තේ නිව්යෝර්ක් නුවරින් පිටත මෙම අනෙකුත් මූලස්ථාන වල හෝ අනෙකුත් නගර වල වේ.
මෙය නිව්යෝර්ක් නගරයෙහි පිහිටා තිබුණද, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය නියුක්ත වී ඇති භුමි ප්‍රදේශය සහ බදු ගෙන ඇති ගොඩනැගිලි අවකාශය එක්සත් ජාතීන්ගේ තනි පරිපාලනයට යටත් වේ. ඒවා එක්සත් ජනපද රජය සමග ඇති ගිවිසුම් එකඟතාවයක් මඟීන් රීත්‍යානුකූලව බිහිදෙස් කර ඇත. කෙසේවෙතත් හුවමාරුවක් වශයෙන් ප්‍රාදේශීය පොලිස්, ගිනි ආරක්ෂන සහ අනෙකුත් සේවාවන් සඳහා වැඩි වශයෙන් ප්‍රාදේශීය, රාජ්‍ය සහ ෆෙඩරල් නීති පිළිගැනීමට එක්සත් ජාතීන් එකඟතාවය පළකර ඇත.
එක්සත් ජාතීන්ගේ මුලස්ථාන සංකීර්ණය ඉදිකරනු ලැබුයේ අවධි කිහිපයකින් වන අතර එහි සභා ගර්භ සංකීර්ණය අවසන් කරනු ලැබුවේ වර්ෂ 1948 සහ 1952 අතරතුර කාලයේදීය. මුලස්ථානය සමන්විතවන නැගෙනහිර නදියට පසෙකින් පිහිටි අක්කර 17 (69,000 m2) භුමිය මිලදිගනු ලැබුවේ එවක නිව්යෝර්ක්හි ප්රමුඛ ඉඩකඩම් සංවර්ධනය කරන්නේකුගෙනි. විලියම් සෙකෙන්ඩොර්ෆ් සහ ශ්‍රීමත් නෙල්සන් රොක්ෆෙලර් මෙම මිලදීගැනීම පිළියෙළ කරනුලැබුහ. පළමුවෙන් Kykuit හි රොක්ෆෙලර් පවුලේ වතුයායෙහි මෙය පිහිටුවීමට අර්පණයකර තිබුනද එම ප්‍රදේශය මෑන්හැටන් නගරයෙන් අතිශයින් හුදෙකලාව පිහිටි නිසා එය ප්‍රතික්ෂේප විය. එකල ඇමරිකානු ඩොලර් මිලියන 8.5 (උද්ධමනය නිසා යථාවත්කල ඇමරිකානු ඩොලර් මිලියන 83.4) ක්වූ එම මිලදීගැනීම සඳහා අරමුදල් සැපයීම ඔහුගේ පියා වූ ජෝන් ඩි. රොක්ෆෙලර් (කණිෂ්ඨ) විසින් සිදුකරන ලැබුවේ නගරයට කරනලද පරිත්‍යාගයක් වශයෙනි. රොක්ෆෙලර් පවුලේ පුද්ගලික වාස්තුවිද්‍යාත්මක උපදේශක මෙන්ම විශිෂ්ට ශ්‍රේණියේ ගෘහනිර්මාණ ශිල්පියෙකු වූ වොලස් හැරිසන්, එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂක ලෙස සේවය කළේය. ඔහුගේ වෙළඳ සමගම වූ Harrison and Abramovitz ආයතනය එම සැලසුම ක්‍රියාත්මකවීම අධීක්ෂණය කරනලදී.