චැලෙන්ජර් අභ්‍යාවකාශ ෂටල ව්‍යසනය
From Wikipedia, the free encyclopedia
චැලෙන්ජර් අභ්‍යවකාශ යානා ව්‍යවසනය සිදුවුයේ NASA ආයතනය මඟින් චැලෙන්ජර් අභ්‍යාවකාශ යානාවේ 10 වෙනි දියත් කිරීම සිදුකර තත්පර 73 කට පසුවය. එහි සිටි සාමාජිකයන් හත් දෙනාම මරුමුවට පත් කරමින් යානාව පිපිරී ගියේය. 1986 ජනවාරි 28 වන දින අත්ලාන්තික් මුහුදට ඉහළදී මෙම පිපිරීයාම සිදුවුනි. දකුණු පස ඝන රොකට් බුස්ටරය (Solid Rocket Booster/SRB) නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා හටගත් ගින්න බාහිර ඉන්ධන ටැංකිය වෙත පැතිරුනි. ක්‍රම ක්‍රමයෙන් යානාව විනාශ වන්නට පටන් ගත් අතර යානාව තුල සිටි සියල්ලෝම මරණයට පත් විය. යානාවේ මගීන් සිටින කොටස සහ වෙනත් කොටස් දීර්ඝ වෑයමකින් පසුව අත්ලාන්තික් මුහුදු පතුලෙන් සොයා ගැනිනි.
වේලාව | 11:39:13 EST (16:39:13 UTC) |
---|---|
දිනය | 28 ජනවාරි 1986; වසර 38 කට පෙර (1986-01-28) |
පිහිටුම | අත්ලාන්තික් සාගරය, ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් |
ප්‍රතිඵලය | අභ්‍යවකාශ ෂටල භාවිතය වසර තුනකට අත් හිටවනු ලැබීය. එම කාලය තුල නව ආරක්ෂක ක්‍රමවේද, නව ඝන රොකට් බූස්ටර වැනි දේ අනාගත-දියත්කිරීම් සඳහා ඉදිරිපත් කරන ලදී. |
| |
මරණ | 7 |
Inquiries | රොජර්ස් කොමිෂන් වාර්තාව |
මෙම විනාශය නිසා අභ්‍යවකාශ යානා වැඩසටහන මාස 32 ක් යන තුරු නතර කිරීමට සිදු විය. එවකට සිටි ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් මෙම ව්‍යවසනය පිළිබදව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කරන ලදී. එහිදී පෙනී ගියේ NASA හි සංවිධාන සංස්කෘතියෙහි සහ තීරණ ගැනීමේ ක්රියාවලියෙහි දුර්වලතා මෙම අනතුර සඳහා බලපෑ ප්‍රධාන සාධක බවය. මෝටර්න් නිකෝල් නමැති කොන්ත්රාත්කරුවාගේ SRB නිර්මාණයේ ගැටලු තිබෙන බව 1977 සිටම NASA හි කළමනාකරුවෝ දැන සිටියහ.
නමුත් මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන්ට නොහැකි විය. ඉතා සීත දිනයක යානාව දියත් කිරීම අනතුරු සහගත බව පිළිබඳ ඉංජිනේරුවන් විසින් කරන ලද අනතුරු ඇඟවීම කළමණාකාරිත්වය විසින් නොසලකා හරින ලද අතර ඒ පිළිබඳව උසස් නිලධාරීන්ට දැන්වීමට ඔවුහු අපොහොසත් වූහ. අභ්‍යවකාශ යානා දියත් කිරීමට පෙර අවශ්‍යතා 9 ක් සපුරාලිය යුතු බව රොජර්ස් කමිටුව විසින් නාසා ආයතනයට දන්වන ලදි.
අභ්‍යවකාශයට ගුරුවරුන් ගෙනයාමේ වැඩසටහනේ ප්‍රථම සාමාජිකයා වූ ක්‍රිස්ටා මැක් ඒලිෆ්, යානාවේ සාමාජිකාවක් වූ බැවින් මෙම යානාව දියත් කිරීම බොහෝ දෙනා විසින් සජීවිව නරඹන ලදී. අනතුර පිළිබඳ මාධ්‍ය ආවරණය අති දැවැන්ත වූ අතර අනතුරෙන් පැයක් ඇතුලත ඇමරිකානුවෝ 85% ක් මෙම පුවත දැන සිටියහ. චැලෙන්ජර් ව්‍යවසනය නිසා ඉංජිනේරු ආරක්ෂාව සහ වැඩපොළෙහි සාරධර්ම පිළිබද විශේෂයෙන් සාකච්ඡා කෙරුණි. මේ සිද්ධිය අළලා 1990 දී 'චැලෙන්ජර්' නමැති චිත්‍රපටය නිර්මාණය විය.