තුත්මෝස් II
From Wikipedia, the free encyclopedia
තුත්මෝස් (තුත්මොසිස්, ඩ්ජ්හුට්මෝස්) නැමැති වෙනත් පුද්ගලයන් සඳහා බලන්න තුත්මෝස් (වක්‍රෝක්තිහරණය).
තුත්මෝස් II (ඇතැම්විට IIවන තුත්මොසිස්, තොත්මෙස් හෝ ටුත්මොසිස් ලෙස ද හඳුන්වයි. අරුත තොත් නිසා උපන්, ඔහුගේ රාජ්‍යසමය තුළ ඩ්ජ්හුටිමෝස් ලෙස උච්චාරණය කොට ඇත) යනු ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ සිව්වන පාරාවෝවරයා යි. ඔහු සිය රාජ්‍ය සමය තුළ දී, කුඩා ස්මාරක කිහිපයක් ඉදිකළ අතර, සුළු යුධ ව්‍යාපාර දෙකක්වත් ආරම්භ කරන්නට ඇත. ඔහුට සිය රාජ්‍ය සමය තුළ කළ හැකි වූයේ කාර්යයන් ස්වල්පයක් පමණි. ඔහුගේ බිසව වූ හට්ෂෙප්සුට් ඔහුට බෙහෙවින් උපකාර වන්නට ඇත. ඔහුගේ රාජ්‍ය සමය ලෙස සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 1493 සිට 1479 දක්වා කාලය සැලකේ. IIවන තුත්මෝස්ගේ දේහය ඩේර් එල්-බහ්රිහි හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානයට ඉහළින් පිහිටි ස්ථානයකින් සොයාගන්නා ලද අතර, එය දැනට කයිරෝහි ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇත.
Quick Facts පාරාවෝ, රාජ්‍ය සමය ...
තුත්මෝස් II | |
---|---|
තුත්මොසිස් II, චෙබ්රොන්, චෙබ්රොස් | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | මතභේදාත්මක ය, ක්‍රි.පූ. 1493 - 1479, ක්‍රි.පූ. 1513 - 1499 (18වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | තුත්මෝස් I |
අනුප්‍රාප්තිකයා | හට්ෂෙප්සුට් |
වල්ලභ | හට්ෂෙප්සුට්, ඉසෙට් |
දරුවන් | තුත්මෝස් III, නෙෆරුරේ |
පියා | තුත්මෝස් I |
මව | මුට්නොෆ්‍රෙට් |
මරණය | ක්‍රි.පූ. 1479 |
භූමදානය | KV42 (වියනොහැකි යැයි අද වන විට සැලකේ) |
Close