දිනේෂ් චන්දිමාල්
From Wikipedia, the free encyclopedia
ලොකුගේ දිනේෂ් චන්දිමාල් (ඉංග්‍රීසි: Dinesh Chandimal; උපත 18 නොවැම්බර් 1989) යනු වෘත්තිමය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු සීමිත ඕවර නායකයාද වෙයි. දක්ෂ සහ ජව සම්පන්න දකුණතින් පිත්ත හසුරුවන යෙදෙන පිතිකරුවෙකු වන මොහු සියළු ආකෘතින්හී කඩුළු රකින්නා වෙයි. හේ දැනට ටෙස්ට්, එදිජා සහ වි20ජා යන සියළු ආකෘතින්හී උප නායකයාද වෙයි.
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | ලොකුගේ දිනේෂ් චන්දිමාල් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 18 නොවැම්බර් 1989 (1989-11-18) (වයස 34) බලපිටිය, ශ්‍රී ලංකාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අපනාමය | චන්ඩි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2009–වර්තමානය | නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2010–වර්තමානය | රුහුණ (squad no. 17) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2012 | රාජස්තාන් රෝයල්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 2016 9 සැප්තැම්බර් |
2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියෙහි දෙවැනි තැනගත් කණඩායමෙහි සහ 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියෙහි ජයග්‍රාහක කණ්ඩායමෙහි චන්දිමාල් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල ක්‍රීඩකයෙක් විය. 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියෙහි පළමු කාණ්ඩයෙහි තරග තුලදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සැපයූ නමුදු , මඳ ඕවර සීඝ්‍රතාවය නිසා ඔහුට තරග තහනමක් පැනවුණු අතර [1] ඉනික්බිතිව තරගාවලියෙහි සෙසු තරග සඳහා කණ්ඩායමෙහි ඔහුගේ ස්ථානයද ඔහුට අහිමි විය. නිත්‍ය නායකයා නොමැති විටෙක චන්දිමාල් බොහෝ විටෙක වි20ජා නායකයා ලෙසින් පත් කෙරෙයි.