දියොඩය
From Wikipedia, the free encyclopedia
දියොඩය යනු අග්‍ර දෙකක් සහිතව නිපදවා ඇති අර්ධ සන්නායක ඉලෙක්ට්‍රොනික උපාංගයකි. මෙම උපාංගය මගින් විද්‍යුතය එක් දිශාවකට පමණක් ගමන්කරවිය හැකිය.මෙම නිසා ප්‍රත්‍යාවර්ත ධාරාවන් සරල ධාරාවන් බවට පත්කරගැනීමට දියෝඩය යොදාගනී.මෙම උපාංගය සිලිකන් හෝ ජර්මේනියම් වැනි අර්ධ සන්නායක ඇසුරින් නිපදවා ඇත.වර්තමානය තුල අර්ධ සන්නායක ඇසුරින් නිපදවූ විවිධ වර්ගයේ දියෝඩ දැකගත හැකිය.[1] අතීතයේ අර්ධ සන්නායක දියෝඩ වෙනුවට රික්ත කපාට යොදාගන්නා ලදී.දියෝඩය යනු මුලින්ම නිපදවන ලද අර්ධ සන්නායක උපාංගයයි.වර්තමානය වනවිට බොහෝ දියෝඩ නිපදවීමට සිලිකන් යොදාගන්නා අතර ඇතැම් විට සෙලිනියම් ජර්මේනියම් වැනි අර්ධ සන්නායකද යොදාගනී.[2]