නාගරික කෘෂිකර්මාන්තය
From Wikipedia, the free encyclopedia
නාගරික කෘෂිකර්මාන්තය හා පරි-නාගරික කෘෂිකර්මාන්තය යනු ගමක, නගරයක හෝ පුරයක ඇතුලත හෝ වටා ආහාර වගාකිරීම, බෙදාහැරීම හා සැකසුම් කිරීමයි. සමහර ජනකොටස් වල ප්‍රධාන අභිප්‍රාය විනෝදාංශය හෝ ප්‍රගාමනය (Recreation) වුවත්, නාගරික කෘෂිකර්මාන්ත සාමාන්‍යයෙන් කරන්නේ ආදායම් ඉපැයීම හා ආහාර නිෂ්පාදනය කිරීමයි. ආහාර කෘෂිකර්මාන්තය ආහාර සුරක්ෂතාවයට ක්‍රම දෙකකින් දායක වේ. පළමුව එය නගරවල ජීවත් වන මිනසුන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය වැඩිකරන අතර, දෙවනුව එය එළවලු, මස් හා පළතුරු වැඩිපුර පරිභෝජනයට ඉඩ සලසා දේ. පොදු හා කාර්යක්ෂම නාගරික කෘෂිකාර්මික ක්‍රමයක් වන්නේ ජෛවතීව්‍ර (biointensive) ක්‍රමයයි. ශක්තිය ඉතිරිකරන, ආහාර නිෂ්පාදනය කරන ක්‍රමයක් නිසා, නාගරික හා පරි-නාගරික කෘෂිකර්මාන්ත සාමාන්‍යයෙන් නොනැසී පැවැත්වීමට උදව් දෙන (sustainable) ක්‍රියාවක් ලෙස නම් කල හැක.
නාගරික ජනයාට සේවා සැපයීමට පදිංචි ස්ථාන මාරුකිරීම නිසා ඇතිවන පරිසරයේ බිඳවැටීම් වැළැක්වීමට දියුණුවන හා දියුණු වූ රටවල් විවිධ ක්‍රමවේද යොදාගනී. එනම් නව නිෂ්පාදනවලින් යුතු නාගරික ගොවිපළ කෘෂිකාර්මික නගර තුල ස්ථාපනය කිරීමට උදව් වී තිබීමයි.