නිකලස් වින්ටන්
From Wikipedia, the free encyclopedia
ශ්‍රීමත් නිකලස් ජෝර්ජ් වින්ටන් MBE (උපත නිකලස් වියට්හයිම්; 19 මැයි 1909 – 1 ජූලි 2015) යනු, දෙවන ලෝක යුද්ධය ඇරඹුමට ආසන්නයෙහිදී, නාසි-අධිවාසිත චෙකොස්ලොවේකියාව වෙතින්, ඔවුනතරින් බොහෝමයක් යුදෙව්වෝ වූ , ළමුන් 669 දෙනෙකු බේරා ගැනීම සංවිධානය කල, පසුව චෙක් කින්ඩර්ට්රන්ස්පෝට් නම් ලැබූ මෙහෙයුම සඳහා ගෞරවයට පාත්‍ර වන, බ්‍රිතාන්‍ය මානවවාදියෙකි. ළමුන් සඳහා නිවෙස් පිළියෙල කල වින්ටන්, ඔවුන් සුරක්ෂිත ලෙස බ්‍රිතාන්‍යයට යැවීය. [1] යුද්ධයෙන් පසුව, ඔහුගේ පරිශ්රමයන් පිළිබඳව වින්ටන් කිසිවකු හා සාකච්ඡා නොකල අතර, ඔහුගේ බිරිඳ විසින් ඔහු සිදු කල දෙය දැන ගත්තේ, දරුවන්ගේ දෙමව්පියන් සහ ඔවුන් භාර ගත් පවුල් පිළිබඳ විස්තර ඇතුලත් ක්ෂේත්‍ර-පොතක්, 1988 වසරෙහිදී, ඔවුන්ගේ අට්ටාලයෙන් ඇය සොයා ගත් විටය. බ්‍රිතාන්‍ය මාධ්‍යය විසින් ඔහු වෙත පටබැඳි නාමය වූයේ "බ්‍රිතාන්‍ය ෂින්ඩ්ලර්" යන්නයි.[2] 2014 ඔක්තොම්බර් 24 දිනදී, චෙක් ජනරජයෙහි ඉහළම ගෞරව නාමය වූ, ඕඩර් ඔෆ් ද වයිට් ලයන්, චෙක් ජනාධිපති, මිලෝස් ෂෙමාන් විසින් ඔහු වෙත ප්රදානය කෙරිණි.
ශ්‍රීමත් නිකලස් වින්ටන් MBE | |
---|---|
උපත | නිකලස් ජෝර්ජ් වියට්හයිම් 19 මැයි 1909(1909-05-19) හැම්ප්ස්ටඩ්, ලන්ඩනය |
මියගිය දිනය | 1 July 2015(2015-07-01) (වයස 106) වෙක්සම් රෝහල, ස්ලව්, බර්ක්ෂයර් |
මිය යාමට හේතුව | ශ්වසන ඇනහිටීම |
වෙනත් නම් | හයිම් වියට්හයිම් |
උගත් ශාස්ත්‍රාලය | ස්ටෝව් පාසල |
රැකියාව | මානවවාදියා |
සක්‍රීය වසර | 1938–2015 |
කලත්‍රයා(යන්) | ග්රීටර් ගිලේස්ටොප්
(m. 1948; invalid reason ප්‍රකාශන දෝෂය: අනපේක්ෂිත < මෙහෙයුම්කාරකය) |
දරුවන් | 3 |
Military career | |
පක්ෂපාතිත්වය | එක්සත් රාජධානිය |
සේවා ඇණිය/අංශය | රාජකීය ගුවන් හමුදාව |
සේවා වසර ගණන | 1940–1954 |
ශ්‍රේණිය | පියාසර ලුතිනන් |
සටන්/යුද්ධ | දෙවන ලෝක යුද්ධය |
වෙබ් අඩවිය | nicholaswinton.com |