බර්නී උන්නතය
From Wikipedia, the free encyclopedia
බර්නී උන්නතය (රාත්‍රියේ රැජින උන්නතය ලෙස ද හඳුන්වයි) යනු මෙසපොතේමියානු ටෙරාකොටා අධි උන්නත ඵලකයකි. ඉසින්-ලාර්සා- හෙවත් පැරණි-බැබිලෝනියානු යුගයට අයත් මෙමගින් පියාපත් සහ පක්ෂීන්ගේ නිය සහිත නග්න දේවතාවියකගේ වැනි රුවක් නිරූපණය වේ. මෙහි ඇය දෙපසින් බකමූණන් යුවළක් සිටින අතර, ඇය සිටගෙන සිටින්නේ සිංහයන් දෙදෙනකු මත ය. මෙම උන්නතය ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර, ක්‍රි.පූ. 1800 සහ 1750 අතර කාල වකවානුවට මෙය කාලනිර්ණය කොට ඇත. දකුණු මෙසපොතේමියාට අයත් මෙය සොයාගත් නිශ්චිත ස්ථානය නොදනී. මීට අමතරව මෙම ප්‍රතිමාවේ ඇති සුවිශේෂී ප්‍රතිමා ලක්ෂණ, විශේෂයෙන්ම එහි අධි උන්නත ස්වභාවය සහ විශාල ප්‍රමාණය හේතුවෙන් එය වන්දනා කටයුතු සඳහා භාවිතා වූවක් ලෙස විශ්වාස කෙරේ. මේ නිසා එම යුගය හා සැසඳීමේ දී පැවැත්ම අතින් අතිශයින් දුර්ලභ වස්තුවක් ලෙස මෙය සැලකේ. කෙසේනමුත්, මෙමගින් නිරූපණය වන්නේ ලිලිතු, ඉනන්නා/ඉෂ්තාර්, හෝ එරෙෂ්කිගාල් යන අයගෙන් කවුරුන්ද යන වග තවමත් මතභේදයට තුඩු දී ඇත. 1930 දශකයේ පසු භාගයේ පළමුවරට දක්නට ලැබුණු මෙහි සත්‍යභාවය ද ප්‍රශ්නාර්ථයක්ව ඇත. කෙසේනමුත් පසුගිය දශක කිහිපය තුළ මෙම මතය යටපත්ව ඇත.
බර්නී උන්නතය / රාත්‍රියේ රැජින | |
---|---|
මාධ්‍යය | මැටි |
ප්‍රමාණය | උස: 49.5 cm (19.5 in) පළල: 37 cm (15 in) ඝනකම: 4.8 cm (1.9 in) |
නිර්මාණය වූයේ | ක්‍රි.පූ. 19වන-18වන සියවස |
යුගය/සංස්කෘතිය | පැරණි බැබිලෝනියානු |
ස්ථානය | බැබිලෝනියාවේ නිර්මාණය විය. |
වර්තමාන පිහිටුම | කුටිය 56, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩන් |
හැඳුනුම්කරණය | Loan 1238 |
ලියාපදිංචිය | සැකිල්ල:British-Museum-db |