මිං රාජවංශයේ අධිරාජවරුන් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මිං රාජවංශය විසින් 1368 සිට 1644 දක්වා චීනය පාලනය කරන ලද්දේ මොංගෝලයන් විසින් හෙබවූ යුවාන් රාජවංශයේ අනුප්‍රාප්තිකයා ලෙසයි. ජනතා අරගල මධ්‍යයේ එය මැංචු ජනයා විසින් පාලනය කළ චිං රාජවංශයේ ආරම්භය තෙක් පැවතිණි. මෙම වසර 276ක කාල පරිච්ඡේදය තුළ අධිරාජවරුන් දහසය දෙනකු චීනයේ පාලනය මෙහෙයවා ඇත. දකුණු මිං ලෙස හඳුන්වාගත් මිං සිහසුනට උරුමකම් කියන්නන් ගණනාවක් ඉන් අනතුරුව ද දක්නට ලැබුණු අතර, 1662දී එහි අවසානයාට ද දඬුවම් පුමණුවන ලදී.