ලතා මංගේෂ්කාර්
From Wikipedia, the free encyclopedia
ලතා මංගේෂ්කාර් (හේමා මංගේෂ්කාර් ලෙස උපත ලැබීය; 28 සැප්තැම්බර් 1929 - 6 පෙබරවාරි 2022) යනු ඉන්දියානු පසුබිම් ගායිකාවක් සහ සංගීත නිර්මාපකයෙක් විය. ඇය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම ගායිකාවක් ලෙස සැලකේ.[2][3] දශක හතක් පුරා දිවෙන වෘත්තීය ජීවිතය තුළ ඉන්දියානු සංගීත ක්ෂේත්රයට ඇයගේ දායකත්වය නිසා ඇයට ස්වර මාධුර්යයෙහි රැජිණ, දේශයෙහි හඬ, සහස්රයෙහි හඬ, ඉන්දියාවෙහි කෝකිලාවිය වැනි ගෞරවනීය නම්බුනාම වලින් හැදින්විය.[4]
ලතා මංගේෂ්කාර් | |
---|---|
උපත | හේමා හාර්දිකාර් 28 සැප්තැම්බර් 1929(1929-09-28)[1] ඉන්දෝර්, ඉන්දෝර් රාජ්‍යය, මධ්‍යම ඉන්දියා කාර්යාංශය, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමානයෙහි මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව) |
මියගිය දිනය | 6 February 2022(2022-02-06) (වයස 92) මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය ඉන්දියානු (1929–1947) ඉන්දියානු (1947 වසරෙහි සිට) |
වෙනත් නම් | ස්වර මාධුර්යයෙහි රැජිණ, දේශයෙහි හඬ, සහස්රයෙහි හඬ, ඉන්දියාවෙහි කෝකිලාවිය |
රැකියාව | පසුබිම් ගායිකාව, සංගීත අධ්‍යක්ෂක, නිෂ්පාදක |
සක්‍රීය වසර | 1942–වර්තමානය |
දෙමව්පියන්(s) | ධීනාත් මංගේෂ්කාර් (පියා) ෂෙවන්ති මංගේෂ්කාර් (මව) |
ඥාතීන් | මීනා හාර්දිකාර් (සොහොයුරිය) ආෂා බෝෂ්ලේ (සෙහොයුරිය) ඌෂා මංගේෂ්කාර් (සොහොයුරිය) ඉර්දයනාත් මංගේෂ්කාර් (සොහොයුරා) ෂාර්දා කපූර් (මී-ලේලිය) |
සම්මාන |
|
ගරු සම්මාන |
|
අත්සන | |
ඇය මූලික වශයෙන් හින්දි, බෙංගාලි, සහ මරාති වැනි භාෂා තිස් හයකට අධික සංඛ්‍යාවකින් සහ විදේශීය භාෂා කිහිපයකින් ගීත පටිගත කළාය.[4] ඇයගේ වෘත්තීය ජීවිතය පුරාවට ඇයට සම්මාන සහ ගෞරව කිහිපයක්ම හිමි විය. 1989 දී දඩාසාහේබ් ෆාල්කේ සම්මානය ඇයට ඉන්දියානු රජය විසින් පිරිනමන ලදී.[5] 2001 දී, ජාතියට ඇය කළ දායකත්වය අගයමින්, ඇයට ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත් රත්න පිරිනමන ලදී; ඇය එම්. එස්. සුබ්බුලක්ෂ්මි ට පසුව මෙම ගෞරවය හිමිකරගත් දෙවන ගායිකාවයි.[6] ප්‍රංශය 2007 දී ඉහළම සිවිල් සම්මානය වන ලීජන් ඔෆ් ඔනර් සම්මානය ඇයට පිරිනැමීය.[7]
ඇය ජාතික චිත්‍රපට සම්මාන, බෙංගාල චිත්‍රපට මාධ්‍යවේදීන්ගේ සංගමයේ සම්මාන 15 ක්, ෆිල්ම්ෆෙයාර් හොඳම කාන්තා පසුබිම් සම්මාන හතරක්, ෆිල්ම්ෆෙයාර් විශේෂ සම්මානයක්, ෆිල්ම්ෆෙයාර් ලයිෆ්ටයිම් ඇචිව්මන්ට් සම්මානයක් සහ තවත් බොහෝ සම්මාන වලින් පිදුම් ලැබීය. 1974 දී, ඇය ලන්ඩන් රෝයල් ඇල්බට් හෝල් හි ප්‍රසංගයක් පැවැත්වූ පළමු ඉන්දියානු පසුබිම් ගායිකාවන්ගෙන් කෙනෙකි. ඇයගේ අවසන් පටිගත කරන ලද ගීතය වූයේ මුකේෂ් අම්බානිගේ දියණිය ඉෂා අම්බානිගේ විවාහ මංගල්‍යයේදී ගයාත්‍රි මන්ත්‍රය ගායනා කිරීමකි.[8]