වූ සේටියෑන්
From Wikipedia, the free encyclopedia
සැකිල්ල:Chinese text
වූ සේටියෑන් | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Traditional Chinese | 武則天 | ||||||||
Simplified Chinese | 武则天 | ||||||||
| |||||||||
වු ෂාඕ | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Chinese | 武曌 | ||||||||
| |||||||||
වූ හොවු | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Chinese | 武后 | ||||||||
| |||||||||
ටියෑන් හොවු | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Chinese | 天后 | ||||||||
| |||||||||
වූ සේටියෑන් 武則天 | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
චෞ රාජවංශයේ රාජ්‍ය කරන අධිරාජිනිය | |||||||||||||
රාජ්‍ය සමය | ක්‍රි.ව. 690 ඔක්තෝබර් 6[1][2] – ක්‍රි.ව. 705 පෙබරවාරි 22[3][4] | ||||||||||||
පූර්වප්‍රාප්තිකයා | නැත (ටෑං රාජවංශයේ අධිරාජයා ලෙස රුයිෂොං අධිරාජයා) | ||||||||||||
අනුප්‍රාප්තිකයා | රාජවංශය අහෝසි කිරීම (ටෑං රාජවංශයේ අධිරාජයා ලෙස චොංසොං අධිරාජයා) | ||||||||||||
ටෑං රාජවංශයේ වල්ලභ අධිරාජිනිය | |||||||||||||
භුක්තිය | 655–683 | ||||||||||||
පූර්වප්‍රාප්තිකයා | වං අධිරාජිනිය | ||||||||||||
අනුප්‍රාප්තිකයා | වෙයි අධිරාජිනිය | ||||||||||||
උපත | වාර්තා නැත, 83දී මියගිය බවට උපකල්පනය අනුව වාර්තා නැත, ටෑං රාජවංශය | ||||||||||||
මරණය | ක්‍රි.ව. 705 දෙසැම්බර් 16 (80-81 වියැති) ලුවෝයැං, ටෑං රාජවංශය | ||||||||||||
භූමදානය | 706 ක්වියෑන්ලිං සොහොන්ගැබ | ||||||||||||
වල්ලභයා |
| ||||||||||||
දරුවන් | |||||||||||||
| |||||||||||||
වංශය | වූ (武) | ||||||||||||
රාජවංශය | චෞ රාජවංශය (周) | ||||||||||||
පියා | වූ ෂිහුවෝ, යිංහි ඩිං ආදිපාද | ||||||||||||
මව | යැං ආර්යාව | ||||||||||||
ආගම | බුදු දහම |
වූ සේටියෑන් (624 – 705 දෙසැම්බර් 16),[10][11] හෙවත් වු චාඕ, වූ හොවු සහ පසුකාලීන තාං රාජවංශ සමයේ ටියෑන් හොවු ලෙස හැඳින්වුණේත්, වූ වල්ලභ අධිරාජිනිය හෙවත්[12] "වූ අධිරාජිනිය" ලෙස හැඳින්වුණේත් චීන රැජිනියකි. ඇය නිල නොවන වශයෙන් වල්ලභ අධිරාජිනියක සහ වැන්දඹු අධිරාජිනියක ලෙස රාජ්‍ය පාලනය මෙහෙයවූ අතර, පසුව නිල වශයෙන් රාජ්‍ය කරන අධිරාජිනිය (皇帝) ලෙස කෙටිකාලීන චෞ රාජවංශයේ (周, 684-705),[10] රාජ්‍ය පාලනය කරන ලදී. මෙම චෞ රාජවංශය තාං රාජවංශයේ (618–690 සහ 705–907) අතුරු බිඳුම් යුගයක් ලෙස සැලකේ. සහස්ර හතරකට අධික ඉතිහාසය තුළ චීනය පාලනය කළ එකම රජකරන අධිරාජිනිය වූ ය.
වූ ටයිෂොං අධිරාජයාගේ උපබිසවක වූවා ය. ඔහුගේ මරණින් පසු, ඇය ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඔහුගේ නවවන පුත් ගඔෂොං අධිරාජයා සමග විවාහ වී 655දී නිල වශයෙන් ගඔෂොංගේ හුවාංහූ (皇后, විවිධ අයුරින් පරිවර්තනය කෙරේ. එනම් "අධිරාජිනිය", "භාර්යාව", හෝ "වල්ලභ අධිරාජිනිය" ලෙස ය) බවට පත්වූවා ය. නමුත් ඇයට මීට පෙර ද සැලකිය යුතු දේශපාලන බලයක් හිමිව තිබිණි. 660දී ගඔෂොං ආඝාතය වැළඳී දුර්වල වීමත් සමග, යූ සේටියෑන් මාලිගයේ පරිපාලකයා බවට පත් විය. අධිරාජයාට සමාන ධුරයක් වූ මෙය ඇය විසින් 705 තෙක් උසුලන ලදී.[13]
ඉතිහාසය තුළ වූ සේටියෑන් අධිරැජිනියගේ සමය වැදගත් වන්නේ ඇගේ දේශපාලන සහ යුධ නායකත්වය නිසායි. මේ නිසා ඇයට චීන අධිරාජ්‍යය එහි පෙර සීමාවන් අභිබවා යමින් මධ්‍ය ආසියාවේ ගැඹුරට විහිදිණි. එසේම ඇය කොරියානු අර්ධද්වීපය තුළ යුධ ව්‍යාපාර මාලාවක් ආරම්භ කළා ය. පළමුව ගොගුර්යෝවට එරෙහිව සිල්ලාව සමග මිත්‍ර වූ අතර, අනතුරුව පැරණි ගොගුර්යෝ භූමිය අයත් කරගැනීමට සිල්ලාවට එරෙහිව යුධ ප්‍රකාශ කෙරිණි. චීනය තුළ, සිය අධිකාරී බලය පවත්වා ගැනීමට සහ වර්ධනය කරගැනීමට වූට බල අරගලයක නිරත වන්නට සිදුවුව ද, වූගේ නායකත්වය යටතේ චීන සමාජයේ සමාජ පන්ති කෙරහි වැදගත් බලපෑම් ඇති විය. මෙකල තාඕවාදය, බුදු දහම, අධ්‍යාපනය සහ සාහිත්‍යය කෙරෙහි රාජ්‍ය අනුග්‍රහය හිමි විය. වූ සේටියෑන් විසින් ස්මාරක ඉදිකළ අතර, ලොංමෙන් ගුහාවල ප්‍රතිමා සමූහය සහ ක්වියෑන්ලිං සොහොන්ගැබේ ඇති "වදන් රහිත ශිලා ස්තම්භය" ද ඇගේ සමයේ ඉදිවූ නිර්මාණ වේ. එපමණක් නොව වර්තාමනයේ දක්නට නොලැබෙන වැදගත් ගොඩනැගිලි කිහිපයක් සහ ලෝකඩ ප්‍රතිමා ඇය විසින් ඉදිකරවන ලදී.
ඇගේ රාජ්‍ය සමයේ වැදගත් සේවාවන් රැසක් සිදු වුව ද, ඇගේ පාලනයේ දිගු කාලීන බලපෑම් පිළිබඳ අධ්‍යයනය කරන විද්වතුන් වූ සේටියෑන් කෙරෙහි අවධානය වඩාත්ම යොමු කරන්නේ ඇය කාන්තාවක වීම නිසායි.[තහවුරු කර නොමැත] එයට හේතුව එක්සත් චීන අධිරාජ්‍යයේ අසාමාන්‍ය රාජ්‍ය පාලිකාව විසින් නිල වශයෙන් හුවාංඩි (皇帝) යන පදවිය ඉසිලීමයි. දේශපාලන නායකයකු වුවද, ඇය ක්‍රියාකාරී පවුල් දිවියක් ගතකොට ඇත. ඇතැම් අවස්ථාවන්හි ඇගේ පවුල් සබඳතා ගැටලු සහගත වුවද, වූ සේටියෑන් පුතුන් සිව්දෙනකුගේ මව වූවා ය. ඉන් තිදෙනකුම අධිරාජ පදවිය උසුලා ඇත. නමුත් ඉන් එක් අයකු එම පදවිය උසුලා ඇත්තේ මරණාපර ගෞරව නාමයක් ලෙස පමණි. සුප්‍රකට තාංහි ෂුවාංෂොං අධිරාජයා ඇගේ මුණුපුරෙකි.