ශාක පාදක ආහාර රටාව
From Wikipedia, the free encyclopedia
යම් ආහාර රටාවක අඩංගු ආහාර වර්ග සම්පූර්ණයෙන්ම හෝ බහුතරයක් ශාක පදනම් කරගත් ආහාර වන්නේනම් එම ආහාර රටාව, ශාක පාදක ආහාර රටාවක් සේ සැලකේ. මෙම ආහාර රටාවට සාමාන්‍යයෙන් එළවළු, පලතුරු, ධාන්‍ය හෝ නිවුඩු සහිත ධාන්‍ය පිටි, රනිල ආහාර සහ වෙනත් ඇට වර්ග අයත් වේ. සත්ව නිෂ්පාදන ස්වල්පයක් අඩංගු වීමට හෝ කිසිම සත්ව නිෂ්පාදනයක් නොමැති වීමට පුලුවන් බැවින් ශාක පාදක ආහාර නිර්මාංශ ආහර නොවිය හැක.
ශාක පදනම් කරගත් යන්නෙහි අරුත කාලයත් සමඟ වෙනස් වී ඇති අතර, සත්ව ප්‍රභවයන්ගෙන් ලබා ගන්නා ආහාර අඩංගු නොවන සත්ත්ව ආහාර වලින් තොර ආහාර, නැතහොත් "ශාක පදනම් කරගත් ආහාර" යන්නට වර්තමානයේදී කිරි හෝ බිත්තර ඇතුළත් කරගත හැකි නමුත් මස් නොතිබිය යුතු අතර අර්ධ නිර්මාංශ ආහාර තුළ කුඩා මස් ප්‍රමාණයක් අඩංගු විය හැකිය.
පෝෂණ හා ආහාරවේදය පිළිබඳ ඇකඩමිය විසින් ස්ථානීය ප්‍රකාශයක් නිකුත් කරමින් යෝජනා කළේ හොඳින් සැලසුම් කළ ශාක ආහාර සෞඛ්‍යයට හිතකර වන අතර ගර්භණීභාවය, කිරි දෙන කාලය, ළමා කාලය, වැඩිහිටිභාවය සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු මුළු ජීවිත කාලය පුරාවටම සුදුසු බවය.
21 වන ශතවර්ෂයේ මුල් භාගය වන විට බිලියන 4 ක ජනතාවක් මූලික වශයෙන් ශාක පදනම් කරගත් ආහාර වේලක් මත ජීවත් වන බවට ගණන් බලා ඇත. සමහරක් වගා බිම්, මිරිදිය හා බලශක්ති සම්පත් හිඟය නිසා ඇති වූ සීමාවන් නිසා ශාක පදනම් කරගත් ආහාර ගැනීමට පෙළැඹුණු බව සනාථ වේ.
යුරෝපයේ, ශාක පදනම් කරගත් මස් ආදේශක පරිභෝජනය 2019 දී ලෝක වෙළඳපොළෙන් 40% ක් වූ අතර, 2025 වන විට විකුණුම් 60% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ප්‍රධාන වශයෙන් සෞඛ්‍යය, ආහාර සුරක්ෂිතතාව සහ සත්ව සුභසාධනය පිළිබඳ සැලකිලිමත් වීම තුළින් මෙය සිදුවීමට ඉඩ ඇත.
එක්සත් ජනපදය තුළ 2019 දී ශාක පදනම් කරගත් ආහාර සඳහා සිල්ලර වෙළඳපොල සාමාන්‍ය සිල්ලර ආහාර වෙළඳපොළට වඩා අට ගුණයකින් වර්ධනය විය.