සාරිය
From Wikipedia, the free encyclopedia
සාරිය (sari, saree, or shari)[note 1] යනු ඉන්දියාවේ වාසය කරන කාන්තාවන්ගේ ඇඳුමකි[1] මෙය දිගින් යාර පහත් නමයත් අතර වන අතර මීටර් වලින් මීටර් 4.5 ත් 8 පමණවේ[2] මෙය පළලින් අඩි දෙකත් හතරත් පමණ වන අතර එය සෙන්ටිමීටර් වලින් 60-120 අතරවේ[3] ඉන වටා රැලි යොදන අතර උර හිසට ඉහලින් රෙදි පොටක් යෙදේf.[4][5][6] විවිධ විලාසිතා අනුව රැලි දැමීම සිදුවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නෙවිල් සාරි විලාසිතාව බහුලය
බොහෝවිට සාරිය ඇඳීමට පෙර යටසායක් අඳිනු ලබයි.එය පර්කා නමින් හදුන්වයි 'parkar' (परकर මරාටි බසින් මෙය ලහන්ගා(lahaṅgā) හෝ ලෙහෙන්ගා(lehenga) ලෙසද උතුරු ප්‍රදේශයේ පාවඩෛ (பாவாடை) ලෙසද දෙමළෙන් (பாவடா)හෝ ඇතැම්විට ලංගා(லங்கா langa) ලෙසද මලයාලම් තෙළිඟු කණ්ණඩ භාෂාවලින් චානියෝ(chaniyo),පර්කා(parkar),ඝග්රා(ghaghra හෝ ඝහරෝ ලෙසද බටහිරදී ෂයා ලෙසද හදුන්වයි.උඩුකය සදහා අඳින යට ඇදුම හැට්ටය(blouse)මෙය දකුණු ඉන්දියාවේ දී රවිකේ(ravike) ලෙසද අනෙත් පලාත්වල චෝලි(choli) ලෙසද හදුන්වයි.සාරිය ඉන්දියානු අර්ධද්වීපයට අවේණික ඇඳුමකි.අකුණු ආසියාවට අයත් සෑම රටකම පාහේ සාරිය භාවිතාවනු දැකිය හැකිය.ඉන්දීය කාන්තාවන්ගේ ජතික අැඳුම ලෙස භාවිත වන්නේද සාරියයි.