හෙන්රි වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ
From Wikipedia, the free encyclopedia
හෙන්රි වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ (පෙබරවාරි 27, 1807-මාර්තු 24, 1882) ඇමෙරිකානු කවියෙකු සහ අධ්යාපනඥයෙකුවු ඔහුගේ කෘති අතර "රෙව්රේස් රයිඩ්", ද සෝන්ග් ඔෆ් හියාවතා හා ඉවැන්ජලීන් විය. එමෙන්ම ඔහු දාන්තේ ඇලිගියෙරිගේ ද ඩිවයින් කොමඩි පරිවර්ථනය කල පළමු ඇමෙරිකානුවා වූ අතර ෆ්යර්සයිඩ් කවියන් පස් දෙනාගෙන් කෙනෙකුද විය.
හෙන්රි වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ | |
---|---|
උපත | 27 පෙබරවාරි 1807(1807-02-27) පෝර්ට්ලන්ඩ්,මේයින්, ඇමෙරිකා එක්සත් ජනපදය. |
විපත | 24 March 1882(1882-03-24) (වයස 75) කේම්බ්‍රිජ්, මැසචුසෙට්ස්, ඇමෙරිකා එක්සත් ජනපදය. |
වෘත්තිය | කවියෙකු මහාචාර්යවරයෙකු |
සාහිත්‍යමය සංවිධානය | රොමෑන්ටික්වාදය |
දරුවන් | චාර්ල්ස් ඇප්ල්ටන් ලොන්ග්ෆෙලෝ අර්නස්ට් වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ ෆැනි ලොන්ග්ෆෙලෝ ඇලිස් මේරි ලොන්ග්ෆෙලෝ ඊඩිත් ලොන්ග්ෆෙලෝ ඈන් ඇලේග්‍රා ලොන්ග්ෆෙලෝ |
අත්සන |
එසමයෙහි මැසචුසෙට්ස් හි කොටසක් වූ මේයින්, පෝර්ට්ලන්ඩ් හීදී ලොන්ග්ෆෙලෝ උපත ලැබීය. බොව්දොයින් කෝලීජියෙන් උගත ඔහු යුරෝපයේ කලක් විසීමෙන් අනතුරුව බොව්දොයින් හි මහාචාර්ය පදවියටත් ඉන්පසුව හාර්වර්ඩ් කෝලීජියේ මහාචාර්ය පදවියටත් පත්විය. ඔහුගේ පළමු ප්‍රධාන කවි එකතුව වුයේ 1839 දී වොයිසස් ඔෆ් ද නයිට් හා 1841 දී බැලඩ්ස් ඇන්ඩ් අදර් පොයම්ස්. 1854 දී ගුරු දිවියට විශ්‍රාම කියු ඔහු රචනය කෙරෙහි තම අවදානය යොමු කලේ තම ඉතිරි දිවිය, ජෝර්ජ් වොෂිංටන් ගේ පෙර මූලස්ථානයක් වූ කේම්බ්‍රිජ් මැසචුසෙට්ස් හි ගත කරමිනි. ඔහුගේ පළමු බිරිඳ වූ මේරි පොටර් 1835 දී ගබ්සා වීමක් හේතුවෙන් සිය දිවියෙන් සමුගත්තාය. ඔහුගේ දෙවන බිරිඳ වූ ෆ්රාන්සෙස් ඇප්ල්ටන් සිය ඇඳුමට ගිනි ඇවිලීමෙන් හටගත් පිළිස්සුම් තුවාල හේතුවෙන් 1861 දී ජිවිතක්ෂයට පත් විය. ඇගේ මරණයෙන් අනතුරුව ලොන්ග්ෆෙලෝ හට කාව්‍ය නිර්මාණයෙහි අපහසුතා ඇතිවූ හෙයින් හේ පරිවර්තන කටයුතු වලට සිය අවධානය යොමුකරලීය. 1882 දී හෙතෙම සිය ජීවිතයෙන් සමුගත්තේය.
පුරාණ ප්‍රවාද හා පුරාවෘත්ත කතා ආශ්රයෙන් ලියැවුනු, ගීතවත් බව පිලිබඳ ප්‍රකට පදවැල් කාව්‍ය ලොන්ග්ෆෙලෝ ප්රමුඛව රචනා කළේය.ඒ සමයෙහි ජනප්‍රියතම ඇමෙරිකානු කවියා ලෙස ප්‍රකට වූ ඔහු දේශීය මෙන්ම විදේශීය රටවල පවා ප්‍රකට විය. කෙසේ නමුත් යුරෝපිය ආරය අනුගමනය කිරීම සහ විශේෂයෙන් පොදු ජනයා පිලිබඳ නිර්මාණ කිරීම සම්බන්ධව ඔහු විවේචනයට බඳුන් විය.