ෆින්එයාර්
From Wikipedia, the free encyclopedia
ෆින්එයාර් (පින්ලන්ත: Finnair Oyj, ස්වීඩන: Finnair Abp)[6] යනු ෆින්ලන්තයේ ධජයදාරී මෙන්ම විශාලතම ගුවන්සේවාවයි. එහි මූලස්ථානය වන්ටා හි පිහිටා ඇති අතර ප්‍රධාන තොටුපළ හෙල්සින්කි-වන්ටා ගුවන්තොතොටුපළ යි. ෆින්එයාර් සහ එහි දුහිතෘ සමාගම්, ෆින්ලන්තයේ දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන්වල ආධිපත්‍යය දරයි. එහි ප්‍රධාන කොටස් හිමිකරු වන්නේ 55.8% ක කොටස් හිමිකාරිත්වයක් දරණ ෆින්ලන්ත රජය යි. මෙම ගුවන්සේවාව මගින් 2014 දී ගුවන් මගීන් මිලියන 9.6ක්, යුරෝපා රටවල් 60ක සහ ආසියානු රටවල් 13ක ගමනාන්ත කරා කැඳවාගෙන යන ලදී. 2014 මාර්තු මාසය වනවිට එහි 5473 ක පිරිසක් සේවය කරන ලදි.
| ||||
ආරම්භය | 1 නොවැම්බර් 1923 (Aero O/Y ලෙස)[1] | |||
---|---|---|---|---|
මධ්‍යස්ථාන | හෙල්සින්කි ගුවන්තොටුපල | |||
Frequent-flyer program | Finnair Plus | |||
Airport lounge | Finnair Lounge | |||
ගුවන්සේවා සන්ධාන | එකලොවක් | |||
යානා ප්‍රමාණය | 71 (incl. නොඩික් ප්‍රාදේශීය ගුවන්සේවාව) [2] | |||
ගමනාන්ත | 88 | |||
ආදර්ෂ පාඨය | Designed for you (ඔබ වෙනුවෙන් සැලසුම් කර ඇත) | |||
මව් සමාගම | Finnair Group[3] | |||
මූලස්ථානය | වන්ටා, ෆින්ලන්තය[4] | |||
ප්‍රධාන පුද්ගලයින් | Pekka Vauramo, President & CEO[5] | |||
වෙබ් අඩවිය | finnair.com |
ෆින්එයාර්, අඛණ්ඩව පැවතීගෙන එන, ලොව පැරණිම ගුවන් සේවා අතර පස්වන ස්ථානය හිමිකර ගනී. 1963 සිට මාරාන්තික හෝ දරුණු පාඩු ගෙනදුන් අනතුරු සිදු වී නොමැති අතර ෆින්එයාර් ලෝකයේ සුරක්ෂිතම ගුවන් ලැයිස්තුවේ නිරතුරුවම වේ (2014 දී #3 ).