2005 අයි.ඕ.සී. ක්‍රිකට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
ඉන්දියන් ඔයිල් කුසලානය 2005 යනු 2005 ජූලි 30 සහ අගෝස්තු 7 අතර ශ්‍රී ලංකාවේ පැවති කණ්ඩායම් තුනක එක්දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රිකට් තරඟාවලියකි. සහභාගි වූ කණ්ඩායම් වූයේ සත්කාරක ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ය. අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 18 කින් පරදවමින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගත්තේය.
Quick Facts කාලය, පරිපාලක(යෝ) ...
අයි.ඕ.සී කුසලානය 2005 | |
---|---|
කාලය | 2005 ජූලි 30 – 2005 අගෝස්තු 7 |
පරිපාලක(යෝ) | ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | දෙවරක් රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | ඉන්දියාව |
සහභාගීත්වය | ශ්‍රී ලංකාව ඉන්දියාව බටහිර ඉන්දීය කොදෙව් |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | මහේල ජයවර්ධන |
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (230) |
වැඩිම කඩුලු | ආශිෂ් නේරා (12) |
Close
තරඟාවලියට පිවිසීමේදී ශ්‍රී ලංකාව අයිසීසී එදිජා ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ සිටි අතර තරඟාවලිය ජයග්‍රහණය කිරීමට වඩාත්ම හැකියාව ඇති කණ්ඩායම විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ පාලක මණ්ඩලය සමඟ ගිවිසුම් මත ගැටුමකට මැදිව සිටි බැවින් ඔවුන්ගේ ප්‍රබලම කණ්ඩායම ක්‍රීඩා නොකළේය. රවුන්ඩ් රොබින් අදියරේදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමඟ දෙවතාවක් ක්‍රීඩා කළ අතර ප්‍රසාද ලකුණු මත ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයේදී හමුවිය.
More information ශ්‍රී ලංකාව, ඉන්දියාව ...
ශ්‍රී ලංකාව | ඉන්දියාව | බටහිර ඉන්දීය කොදෙව් |
---|---|---|
|
|
|
Close