අමුන්
From Wikipedia, the free encyclopedia
අමෙන්,අමුන්,ආමෙන් යන නාමයන් වලින් හදුන්වන්නේ මෙම දෙවියන්මය.ඔහු බොහෝ අවස්ථාවල මිනිස් හිසක් සහ මිනිස් සිරුරක් සහිත දෙවියෙකි.සමහර අවස්ථාවල ඔහුට බැටලු හෝ එලුවෙකුගේ හිසක් සහිත විය. තීබ්ස් නගරයේ උත්තරීතර දෙවියා වූ ඔහුට නිල් පැහැති සමක් ඇත. ග්රීකයන් තම සියුස් දෙවියන් නිර්මාණය කර ගත්තේ මේ දෙවියන් ඇසුරින්ය. අමෙන් දෙවියන්ගේ හිස මත පිහාටු වලින් සකස් කල හිස්වැස්මක් ඇති අතර සමහර නිරූපණයන් වල එම හිස්වැස්ම මත සූර්ය තැටියක්ද වේ. (හිස්වැස්මේ ස්වාමියා?)
අමෙන්ගේ ප්රධාන බිරිඳ වූයේ මුට් දෙවගනය.ඔවුන්ගේ පුතු වූයේ චන්ද්ර දෙවි ඛොන්සු ය.
අමෙන්ගේ ඉතිහාසය රා විසින් ලෝකය මැවීමේ යුගය දක්වා ඈතට විහිදේ. රා දෙවියන් සිටි බිත්තරය රකිමින් සිටි මුල් දෙවිවරු අතරේද අමෙන් සිටියි.එකල ඔහුගේ බිරිඳ වූයේ අමුනෙට් ය.
අමෙන් නවරාජධානි සමයේ වැද ගත්කමෙන් වැඩි සහ ජනප්රිය දෙවියෙකු විය.ඒ සදහා නිදසුනක් ලෙස ගතහොත් එකල රජවරුන්ගේ නම් වලට පවා අමෙන් යන වදන එක් විය.(අමෙන්හොටෙප් III) මහ දෙවි රා ගේ තත්වයටම බලගතු වූ මේ දෙවියන් පසු කලෙක අමෙන්-රා ලෙසද හදුන්වනු ලැබීය.
අමෙන් දෙවිගේ හා ඔහුගේ පවුලේ උදවියගේ නිවාසය වූයේ ලෝකයේ ඇති විශාලතම පුරාණ ගොඩනැගිල්ල වන කාර්නැක් දෙවොල ය.