අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ න්‍යෂ්ටික අවි සිදුවීම, 2007
From Wikipedia, the free encyclopedia
මෙම අනපේක්ෂිත සිදුවීම 2007 අගෝස්තු මස 29 හා 30 යන දිනයන්හිදී මයිනොට් ගුවන් හමුදා කඳවුර සහ බාක්ස්ඩෙල් ගුවන් හමුදා කඳවුර අතර වාර්තා වුණි. මයිනොට් ගුවන් හමුදා කඳවුරෙන් අතපසුවීමකින් W80-1 විචල්‍ය වෙඩි බලයක් සහිත න්‍යෂ්ඨීක යුධශිර්ෂ වලින් සන්නද්ද වූ AGM-129ACM කෘස් මිසයිල 6ක් අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ බර අවි ප්‍රවාහනය කරන B-52H ගුවන් යානාවේ ගබඩාකර බාර්ක්ස්ඩෙල් කඳවුර දක්වා ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ලදී. මෙම මිසයිල ශිර්ෂ ඒවා ගබඩාකර තිබූ මයිනොට් කඳවුරේ බංකරයෙන් පිටතට ගැනීමේදී ඉවත් කිරීමට නියමිතව තිබුණද, මයිනොට් හා බාර්ක්ස්ඩෙල් කඳවුරු අතර ගුවන් කාලය වූපැය 36 පුරාවටම එම මිසයිල ශිර්ෂ ඉවත් කල බවක් වාර්තා නොවූ අතර ඒවා සියල්ල ගුවන් යානා හා සවි වි තිබු බව කඳවුරු දෙකෙහිම සටහන් වී තිබුණි. සාමාන්‍යයෙන් මිසයිල ශිර්ෂ ප්‍රවාහනයේදී ගත යුතු අනිවාර්ය ආරක්ෂිත උපක්‍රම කිසිවක් මෙම අවස්ථාවේදී සම්පුර්ණ ගුවන් කාලය පුරාවටම ඔවුන් අනුගමනය කර නොතිබුණි.
මෙම සිදුවීම එක්සත් ඇමරිකාවේ හමුදා ප්රධානීන්ටද දැනගැනීමට ලැබුණු අතර ඔවුන් විසින් මෙය, න්‍යාෂ්ටික අවි හා සම්බන්ද සැලකිය යුතු අවදානයක් යොමුකළ යුතු වු නමුත් න්‍යාෂ්ටික යුද්ධයකට බලපෑම් කිරීමක් නොකරන අවස්ථාවක් ලෙස සලකන බෙන්ට් ස්පියර් නමැති සිදුවීම් ගණයට ඇතුලත් කරන ලදී. ඔවුන් එසේ කලද එක්සත් ඇමරිකානු ගුවන් හමුදාව මෙම සිදුවීම අද වන තෙක් නිල වශයෙන් වර්ග කිරීමට ලක් කරන්නට කටයුතු නොකරන ලදී.
මෙම සිදුවීම සම්බන්දයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ආරක්ෂක අමාත්‍යාංශය සහ එක්සත් ඇමෙරිකානු ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් සිදු කල අතර එහි ප්‍රතිඵල 2007 ඔක්තෝබර් මස 19 වන දින ලබා දුනි. එහි නිගමනය වශයෙන් සඳහන් වුයේ න්‍යාෂ්ටික අවි ප්‍රවාහනයේදී අනුගමනය කරනු ලබන සම්මතයන් හා ක්‍රියාමාර්ග අවස්ථා කීපයකදීම ගුවන් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු විසින්ම අතපසු කර ඇති බවයි. මෙම නිගමනය මහින් ඉහළ නිලධාරීන් තමන්ගේ වැරැද්ද වසා ගත් නමුත් නිලයෙන් අඩු නිලධාරින් කිහිප දෙනෙකුම විනය කමිටුව හමුවට කැඳවන අතර තවත් සමහරෙක්ට සුවිශේෂ හමුදා කටයුතු කිරීමේ හැකියාව තහනම් කල අතර තවත් සමහරෙක්ට ඉහත දඬුවම් දෙකටම යටත් වන්නට සිදු විය. තවදුරටත් මයිනොට් ගුවන් හමුදා කඳවුරේ සිට කෘස් මිසයිල ප්‍රවාහනය ඇතුළු සියලු න්‍යාෂ්ටික අවි හා සම්බන්ද සියලු ක්‍රියාකාරකම් නැවත්වීමට නියෝග කරන ලදී. ඊට අමතරව එ.ඇ.ගු.හ. විසින් න්යාෂ්ටිකඅවි හැසිරවීමේදී දත යුතු වන ක්‍රියාමාර්ග හා ක්‍රියාපටිපාටි අලුතින් නිකුත් කරන ලදී.
තවත් පරීක්ෂාවක් එ.ඇ.ආරක්ෂක විද්‍යා ආයතනය හා එ.ඇ.ගු.හ. නිල් පටි නම් මණ්ඩලය එක්ව සිදුකල අතර ඔවුන් මෙම ගැටලුවට හේතුව ආරක්ෂක මණ්ඩලයේ න්‍යාෂ්ටික අවි සම්බන්ධ ක්‍රියාවලියන්ගේ හා ක්රමෝපායන්ගේ දුර්වලතාවයන් බව නිගමනය කලත් ඔවුන්ට එම න්‍යාෂ්ටික අවි හා සම්බන්ධ ආරක්ෂණ දුර්වලතාවය කුමක්ද යන්න හදුනාගැනීමට නොහැකි විය. මෙම සිදුවීම මූලික කරගෙන 2008 ජුනි මස 5 වන දින ගුවන් හමුදා ලේකම් මයිකල් වියන් හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ටී. මයිකල් මොස්ලි ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් අතර ඒවා අනුමත විය. 2008 ඔක්තෝබර් මස විමර්ශන කමිටුවේ නිර්දේශයන්ට අනුව එ.ඇ.ගු.හ. විසින් න්‍යාෂ්ටික බෝම්බ, මිසයිල හා මිනිසුන් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වල පාලනයන් ගු.හ. ගෝලීය ප්‍රහාරක බලකාය නම් ආයතනය පිහිටුවා එයට භාරකරන ලදී.