ඇන්ටන් චෙකෝව්
anton chekhov / From Wikipedia, the free encyclopedia
රුසියානු ජාතික කතුවරයෙක් වන ඇන්ටන් පැවිලොවික් චෙකොව් සාහිත්‍ය ඉතිහාසයේ, විශිෂ්ට කෙටි කතාකරුවකු[1] ලෙස ප්රකටව පවතී. ග්රන්ථ රචනයට අමතරව ඔහු වෛද්‍යවරයෙක්, නාට්‍ය රචනා සමීක්ෂකයෙක් ලෙසද සේවයේ නියැලිනි. ඔහු නාට්‍ය රචකයෙකු ලෙස සම්භාවනීය නිර්මාණ හතරක නිෂ්පාදනයට දායක වු අතර ඔහුගේ විශිෂ්ට කෙටි කථා නිර්මාණ වෙනත් කතුවරුන්ගේ මෙන්ම ග්රන්ථ විවේචකයන්ගේද සම්මානයට පාත්රව පවති.චෙකොව් වෛද්‍ය වෘත්තිය සහ සාහිත්‍ය වෘත්තිය සමබරව කල අයෙකු විය. එනිසා ම ඔහු විසින් වරෙක "වෛද්‍ය විද්‍යාව මාගේ නීත්‍යානුකූල බිරිඳයි, සාහිත්‍ය යනු මාගේ අනියම් බිරිඳයි" "[2]ලෙස ප්‍රකාශ කෙරිණි.
ඇන්ටන් චෙකෝව් Anton Chekhov | |
---|---|
උපත | 29 ජනවාරි 1860(1860-01-29) Taganrog, රුසියාව |
මරණය | 15 July 1904(1904-07-15) (වයස 44) Badenweiler, ජර්මන් අධිරාජ්‍යය |
මිහිදන් කල ස්ථානය | Novodevichy සුසාන භූමිය |
වෘත්තිය | වෛද්‍යවරයා, කෙටි කතා රචකයා, නාට්‍ය රචකයා |
ජාතිකත්වය | රුසියානු |
අත්සන |
1896 දී චෙකෝව් තම The Seagull නම් නාට්‍යට නිසි පිලිගැනීමක් නොමැති වීම නිස නාට්‍ය ලිවීම සහ නිශ්පාදනයෙන් බැහැර වීමට තිරණය කළද, 1898 දී මෙම නිශ්පාදනය, කොන්ස්තන්තින් ස්ටැනිස්ලැවිස්කිගේ මොස්කව් රඟහල මඟින් පෙන්වීමත් සමඟ නැවත පිළිගැනීමට ලක් විණි. මින්පසුව මෙම රඟහල, චෙකොව්ගේ "Uncle Vonya" නම් නාට්‍ය නිශ්පාදනයට ද, ඔහුගේ අවසාන නාට්‍ය නිර්මාණ දෙක වන "Three sisters" සහ "The cherry Orchard" හි මංගල දර්ශනයන් පැවැත්වීමට ද දායක වුණි. මෙම නිර්මාණ හතර රංගන ශිල්පීන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද අභියෝගයක් එල්ල කිරිමට සමත් වුණි. මන්ද යත් සම්ප්‍රදායානුකූල පැවැත්මට ඔබ්බෙන් ගිය චෙකොව් යොමුවූයේ රංගන මනෝභාවයන් මඟින් ජීවිතයේ තාත්වික අවස්ථා නිරූපණයට ය.
චෙකෝව් පළමුව ලේඛන කලාවේ යෙදුණේ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස පමණි. නමුත් පසුව ඔහුගේ කලාවට ඇති ලැදියාව වර්ධනය වීමත් සමඟ ඔහු තම රචනා ශෛලියට විධිමත් නව්‍යතා එක් කළ අතර එය නූතන කෙටි කථා සාහිත්‍යය පරිණාමයෙහි ලා බලපෑමක් විය. ඔහුගේ ප්‍රතිභාව වූයේ සිදුවීම් පෙළක් ගලා යන අයුරින් තම නිර්මාණය ගෙනහැර පෑමයි. පසුව මෙම ක්‍රමෝපාය ජේම්ස් ජොයිස් සහ අනිකුත් නව නිර්මාණ වේදීන් ද යොදාගත්තේය. මෙම ක්‍රමෝපාය සම්ප්‍රදායානුකූල කථා රචන ව්‍යුහයට පටහැනි විය. මෙම නව ප්‍රවණතාවය පාඨකයන්ට යම් අපහසුතා ඇති කළ ද ඔහු කිසිදිනක ඊට සමාව නොගත් අතර ඔහුගේ මතය වූයේ නිර්මාණකරුවෙකුගේ භූමිකාව විය යුත්තේ ප්‍රශ්න මතු කිරීම මිස ඒවාට විසඳුම් නොදීම බවයි. [3]