ඇස්පිරින් පිළිබඳ ඉතිහාසය
From Wikipedia, the free encyclopedia
ඇස්පිරින් යනු වේදනා නාශක ඔසුවකි.එය නිෂ්පාදනය සහ වෙළදාම 1899 වසරේ සිට ඇරඹි ඇත.විලව්(Willow) සහ සැලිසිලේට් බහුල පැළෑටි භාවිතයෙන් මෙම ඖෂධය නිපදව ඇති අතර එම පැළෑටි ඊජිප්තුවේ බහුලවම දැකගත හැක. හිපපොක්රෙටස්(Hippocrates) වරුන් විසින් අතීතයේදී සලිසීලික් අඩංගු තේ පානය මගින් උන අඩු කර ගන්නා ලදී.හා අටවන සියවසේ මද භාගයේදී උණට,වේදනාවට සහ ඉදිමුම සහිත දැවිල්ලට විලව්(willow) ශාකයේ කෙදි සහිත පට්ටය විශේෂ ගුණයක් දෙන බව හදුනාගෙන තිබුණි.ලෙවිස් හා ක්ලාක්(Lewis and clark)විසින් කියා සිටින අන්දමට විලව් ශාකයේ කෙදි මගින් සාදන තේ උණ රෝගය සදහා ප්‍රතිකර්මයක් ලෙස 1803 -1806 දි භාවිතා කර ඇත.19 වන සියවසේදී ඖෂධ වේදීන් විසින් සැලිසිලික් අම්ලය අඩංගු විවිධ රසායනිකයන් නියම කරමින් පර්යේෂණය කටයුතු සිදුකළේය.
වර්ෂ 1853 චාල්ස් ප්රඩ්රික් ගෙහඩ්ට් නම් රසායන විද්‍යාඥ එතිල් ක්ලෝරයිඩ් සහ සෝඩියම් සැලිසිලේට් මගින් එතිල් සැලසිලික් අම්ලය නිපද විය හැකි බව සොයා ගන්න ලදී.19 වන සියවසේ දෙවන භාගයේදී වෙනත් ශාස්ත්‍රීය විද්‍යාඥයකු විසින් සංයෝගයක රසායනික ව්‍යුහයක් ප්‍රකාශයට පත් කල අතර වඩා හොද සංකලන ක්‍රමයක් සෝයගන්නා ලදී. ඖෂධ හා ඩ්රයිවර්ග සම්බන්ධ සමාගමක් වූ බේයර්(Bayer) සමාගමේ විද්‍යාඥ විසින් වර්ෂ 1897 දී සාමාන්‍ය සැලිසිලේට් ඖෂධය සදහා ආදේශකයක් ලෙස අඩු උත්දිපනයක් සහිත එතිල් සලසිලික් යොදා ගැනීම සදහා පර්යේෂණ ආරම්භ කරන ලදී.බේයර් සමගම විසින් වර්ෂ 1899 දී මෙම ඖෂධය අස්පිරින් ලෙස නම් කර එය ලොව පුරා විකිණීම ආරම්භ කරන ලදී.අස්පිරින් යනු බේයර් සමාගමේ මෙම ඖෂධයට යොදන ලද සන්නාම නමය වේ.කෙසේ වෙතත් මෙම වෙලද නාමය ලොව පුර අනිකුත් රටවල් මිලදී ගන්න ලදී.ඇස්පිරින් විසිවන සියවසේ මුල් භාගයේදී ජනප්‍රසාදයට පත්විය.1918 දී ස්පඤඤ උන වසංගතයකට ඇස්පිරින් සාර්ථකව ක්‍රියත්මක විය. අස්පිරින් මගින් ලැබෙන වෙළද වාසිය උග්‍ර තරගයකට මග පැදවිය.1918 දී ඇස්පිරින් විෂ වීම නිසා උණ රෝගීන් කීපදෙනෙක් මිය ගියේය.
1956 දී නිපදවන ලද paracetamol හා 1962 නිපදවන ලද ඉබුප්රෝටෙන් නිසා ඇස්පිරින් කෙරෙහි තිබු ජනප්රසාදය අඩු විය.1960 සහ 1970 ගණන්වල දී ජෝන් වෙන් විසින් සිදුකරන ලද සායනික අත්හදා බැලීම් මගින් ඇස්පිරින් වලට ප්‍රති කැටිකාරකයක් ලෙස කියා කල හැකි බව අනාවරණය කරන ලදී.මෙය කැටිගැසීම් ආශ්රිත රෝගීන්ට මහත් පිටු වහලක් විය. මේ නිසා විසිවන සියවසේ අවසන් දශකය තුල ඇස්පිරින්හි වෙළදාම නැවත වැඩිවිය.21 වන සියවසේදීත් ලොවපුරා හෟද රෝග සහ අඝතය වැලැක්වීමේ ඔසුවක් ලෙස මෙය භාවිත කරයි.