ඉන්දියාවේ නාගරීකරණය
From Wikipedia, the free encyclopedia
නාගරීකරණය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඉතා වැදගත් රටක් වශයෙන් ඉන්දියාව හැඳින්විය හැකිය. දකුණු ආසියාවෙහි ප්රබලතම රටක් වශයෙන් සැළකෙන ඉන්දියාවෙහි නාගරීකරණය පිළිබඳ සුවිශේෂී වූ ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. 1961 දී ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නාගරීකරණයෙහි නිශ්චිත පරිපාලනය ප්‍රදේශ සීමා දක්වා ඇත. එමෙන්ම එරට නගර ව්‍යවස්ථානුකූල නගර සහ සංගණන නගර ලෙස කොටස් 02 කට වර්ගීකරණය කර ඇති අතර මෙම නගර වර්ග දෙක පදනම් කරගනිමින් ඒ ඒ නගර අනුව වෙනස් වූ මිණුම් දඬු පවතී. ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ නගර තීරණය කිරීමේදී ජන සංඛ්‍යාවේ ප්‍රමාණය ජන ඝනත්වය, කෘෂිකාර්මික නොවන අංශයේ රැුකියා නියුක්තිකයන්ගේ ප්‍රතිශතය අනුව වර්ගීකරණය කරනු ලබයි. වසර 2001 දී පවත්වන ලද සංගණනයට අනුව නගර වර්ග 02 කට බෙදා දක්වා ඇත. එය ව්‍යවස්ථානුකූල නගර සහ සංගණන නගර නම් වන අතර මෙම නගර සභා පවතින සෑම ප්රදේශයක්ම නාගරීකරණයට අයත් වේ. මෙම නගර රාජ්‍ය නීතිය මත තීරණය වේ. සංගණන නගරවලට පවරන ලද නීතියට අනුව පළමු දායක මට්ටමේ පවත්වාගෙන යන නගර 5000 ක අවම ජනගහනයක් සිටිය යුතුය. තව ද ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 400 ක් සිටීම ද අනිවාර්ය වේ.
Bhagat පවසන ආකාරයට ඉන්දියාවේ මිණුම් දඬුවල පවතින පරස්පර විරෝධීභාවය නාගරීකරණයේ ගුණාත්මකභාවය තේරුම් ගැනීම සඳහා බලපානු ලබයි. ඉන්දියාවෙහි නාගරීකරණය කාලයෙන් කාලයට වෙනස් වන අතර 1961 දී පැවැත්වූ සංගණනයෙන් නාගරික ප්‍රදේශ නිර්වචනය කිරීමේ මිණුම් දඬු ඉන්පසු පැවැත්වූ සංගණන වලදී වෙනස් විය. වසර 2001 දී පවත්වන ලද සංගණනයට අනුව නාගරික ප්‍රදේශ ප්‍රකාශ කිරීමේදී 75% ක් පුරුෂයින් කෘෂිකාර්මික නොවන රැකියාවල නිරතවීම අපේක්ෂා කරනු ලැබීය. මෙම කරුණු එකතුවීමෙන් නගර මට්ටම වෙනස් වීම නාගරික සීමා නිරන්තරයෙන් වෙනස්වීම හා ඒ හා අදාළ තොරතුරු වල නිරවද්‍ය බව දුර්වල වීමට හේතු වී ඇත.