ඔකිනාවා දූපත
From Wikipedia, the free encyclopedia
ඔකිනාවා දිවයින හෝ ඔකිනාවා දූපත (沖縄本島, ඔකිනාවා හොන්තෝ) යනු ජපානයේ ඔකිනාවා දූපත් සහ ර්යුක්යු දූපත් අතරින් විශාලතම දූපත වේ. මෙම දූපතේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 1,206.93 ක් වේ. ඔකිනාවා දූපත ජපාන ප්‍රධාන භූමියෙන් කිලෝමීටර 640ක් පමණ දකුණු දෙසින්ද, චීන වෙරළේ සිට එවැනිම දුරකින්ද, තායිවානයේ සිට සැතපුම් 300ක් උතුරින්ද පිහිටා ඇත. මෙම දූපතේ ජනගහනය වැඩිම ප්‍රදේශය වන්නේ නාහා ප්රදේශයයි. එය ඔකිනාවා දිස්ත්‍රික්කයේ අගනුවර වන අතර ඔකිනාවා දූපතේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා ඇත. දූපතේ සමස්ථ ජනගහනය මිලියන 1.3ක් පමණ වන අතර එයින් 800,000ක් දෙනා ජීවත් වන්නේ නාහා ප්‍රදේශයේ ය. ඔකිනාවා දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම නගරය ඔකිනාවා වේ. ජපානයේ කඳවුරු ලා සිටින එක්සත් ජනපද හමුදා සේනාන්කයන්ගෙන් වැඩි ප්‍රමාණයක් රැඳී සිටින්නේ ඔකිනාවා දූපතේ ය. එම තත්වය ඔකිනාවාවාසීන්ගේ සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් එල්ල කර තිබේ.
ස්වදේශික නාමය: 沖縄本島 | |
---|---|
භූගෝල විද්‍යාව | |
පිහිටීම | පැසිපික් සාගරය |
ඛණ්ඩාංක | 26°28′46″N 127°55′40″E |
දූපත් සමූහය | Ryukyu Islands |
භූමි ප්‍රමාණය | 1,199[1] km2 (463 sq mi) 2018-10-01 දත්ත අනුව[2] |
භූමි ප්‍රමාණය අනුව ස්ථානය | 290th |
දිග | 106.6 කිමී (66.24 සැත) |
පළල | 11.3 කිමී (7.02 සැත) |
ඉහළම උන්නතාංශය | 503 මී (1,650 අඩි) |
උසම ස්ථානය | Mount Yonaha |
පරිපාලනය | |
ප්‍රාන්තය | ඔකිනාවා ප්‍රාන්තය |
ජනවිකාසනය | |
ජනගහනය | 1,466,870 [3] (2022) |
ජන ඝනත්වය | 1,014.93 /කිමී2 (2,628.66 /වර්ග සැත) |
ජන කොට්ඨාස | Ryukyuan, ජපන් |
ඔකිනාවා දූපත්වාසීන් ලොව වැඩිම ආයු කාලයක් ඇති ජනකොට්ටාශයක් ලෙස සැලකේ. එවැනි තවත් පැසිපික් දූපතක් වන්නේ සාඩීනියාවයි. සාඩීනියාවේ ජීවත් වන දූපත් වාසීන් 100,000 කින් 22 දෙනෙකු වයස අවුරුදු සියය ඉක්මවා ඇති අතර, ඔකිනාවාවාසීන් 100,000 කින් 34 දෙනෙකු වයස අවුරුදු සියය ඉක්මවති. එය ජපන් ප්‍රධාන භූමියේදී මෙන් තුන් ගුණයකටත් වැඩිය.