කොලියුබරා සටන
From Wikipedia, the free encyclopedia
කොලියුබරා සටන (Serbian Cyrillic: Колубарска битка, ජර්මන්: Schlacht an der Kolubara) සටන් වැදුනේ පළමුවන ලෝක යුද්ධයෙහි සර්බියානු මෙහෙයුම අතරතුර 1914 නොවැම්බර් සහ දෙසැම්බර් කාලසීමාවෙහි ඕස්ට්‍රියා-හංගේරියාව සහ සර්බියාව අතරය.
කොලියුබරා සටන | |||||||
---|---|---|---|---|---|---|---|
පළමුවන ලෝක යුද්ධයෙහි බෝල්කන් රණ භූමියෙහි සර්බියානු මෙහෙයුම හි කොටසකි | |||||||
සර්බියාව වෙත තෙවන ඕස්ට්‍රියානු-හංගේරියානු ආක්රමනය දක්වන සිතියමක්, නොවැම්බර්–දෙසැම්බර් 1914. | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
සර්බියාව | ඕස්ට්‍රියා-හංගේරියාව | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
රැඩ්මිර් පුට්නික් ෂිවොයින් මීෂිච් ස්ටෙප්පා ස්ටෙපානොවිච් පාව්ල යූරිසිච් ස්ටෝර්ම් මෙලොෂ් බොසොනොවිචි |
ඔස්කාර් පොටියොරෙක් ලිබෝරියස් රිටර් වොන් ෆ්රැන්ක් | ||||||
සම්බන්ධිත හමුදා ඒකකයන් | |||||||
|
| ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
400,000 | 450,000 | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
|
|
නොවැම්බර් 16 දින එය ඇරඹුනු අතර, ඔස්කාර් පොටියොරෙක්ගේ ආඥායකත්වය යටතේ ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ එම වසරේ ඔවුන් විසින් සර්බියාව ආක්‍රමණය කල තෙවන අවස්ථාවෙහිදී කොලියුබරා ගංගාව වෙත පැමිණ යුද උපායශිලී වාල්යිවෝ නගරය අත්පත් කරගෙන සර්බියානු යුද්ධ හමුදාව පසුබැසුම් මාලාවක් කරා යෑමට බල කෙරිණි. නොවැම්බර් 29–30 දින වලදී, සර්බ්වරු බෙල්ග්‍රේඩ් අත්හැර ගිය අතර, ඕස්ට්‍රියානු-හංගේරියානු පාලනයට නගරය විගසින් නතු විය. දෙසැම්බර් 2 දිනදී, සර්බියානු යුද්ධ හමුදාව විසින් ආරක්ෂක පෙරමුණ පුරාම විස්මය දනවන හදිසි ප්‍රතිප්‍රහාරයක් එල්ල කළහ. දෙසැම්බර් 8 වන දින වන විට වාල්යිවෝ සහ ඔෂිසේ නගර සර්බ්වරු විසින් යළි-අත්පත් කර ගත් අතර, ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ බෙල්ග්‍රේඩ් වෙත පසුබැසීම පස්වන යුද්ධ හමුදා ආඥාපති ලිබෝරියස් රිටර් වොන් ෆ්රැන්ක් විසින් පැහැදිලි කල නොහැකි විය. දෙසැම්බර් 14 සහ 15 දෙදින අතරතුර කාලය තුලදී ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ නගරය අත්හැර දැමූ අතර සර්බ්වරුනට පසුදිනම ඔවුන්ගේ අගනගරය යළි අත්පත් කර ගැනීමට හැකි විය.
ඕස්ට්‍රියානු-හංගේරියානුවන් සහ සර්බ්වරුන් යන දෙකොට්ඨාශයම දැඩි ආපාතිකයන් සංඛ්‍යාවකින් පීඩා විඳි අතර එක් එක් පිළෙහි 20,000 වැඩි ගණනක් මිය ගියහ. මෙම පරාජයෙන් ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ දැඩි අවමානයට පත්වූයේ 1914 වසර අවසානය වන විට සර්බියාව අධිවාසය කර ගැනුමට ඔවුන් බලාපොරොත්තු වූ හෙයිනි. දෙසැම්බර් 22 දින වන විට, පොටියොරෙක් සහ වොන් ෆ්රැන්ක් යන ආඥාපතිවරුන් දෙදෙනම ඔවුන්ගේ තනතුරු වලින් නිදහස් කරන ලද අතර, 5වන සහ 6වන යුද්ධ හමුදා දෙකම ඒකාබද්ධ කොට 95,000 භටයන්ගෙන් සමන්විත 5වන යුද්ධ හමුදාවක් තනන ලදි.