ගගන ඉංජිනේරුවේදය
From Wikipedia, the free encyclopedia
ගගන ඉංජිනේරුවේදය එසේත් නැත්නම් අවකාශතලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව (ඉංග්‍රීසි: Aerospace engineering) යනු, ගුවන් යානා හා අභ්‍යාවකාශ යානා පසුපස ඇති මෝස්තරය, නිපදවීම හා විද්‍යාව පිළිබඳ වූ ඉංජිනේරු විද්‍යාවේ අංශකි. අවකාශතලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව ප්‍රධාන කොටස් 2කට බෙදී ඇත. ගගනගාමී ඉංජිනේරු විද්‍යාව හා අජටාකාශගාමී ඉංජිනේරු විද්‍යාව එම කෙටස් 2යි. ගුවන්යානා සමඟ පෙර පැවති කටයුතු පෘථිවි වායුගෝලය තුළට සීමා වු අතර පසු කාලීනව ගුවන්යානා සමඟ පැවති කටයුතු පෘථිවි වායුගෝලයෙන් පිටත දී ක්‍රියා කරන සුළු ඒවා විය. “ගගනගාමී”යන්න නියම පදය වන අතරතුර දී වඩාත් පුළුල් “අවකාශතලය” භාවිතයේ දී එය අභිබවා ඇත. එසේ වී ඇත්තේ, ගුවන් ගමන් තාක්ෂණය බාහිර වායුගෝලයේ දී (පෘථිවි වායුගෝලයෙන් පිටත) ක්‍රියාත්මක වන ගුවන් යානා අන්තර්ගත වීමට තරම් ඉදිරියට පැමිණ ඇති නිසාවෙනි
Occupation | |
---|---|
Names | Aerospace engineer Engineer |
Occupation type | Profession |
Activity sectors | Aeronautics, astronautics, science |
Description | |
Competencies | Technical knowledge, management skills (see also glossary of aerospace engineering) |
Education required | Bachelor's degree[1][2] |
Fields of employment | Technology, science, space exploration, military |
අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව නිතරම, සාමාන්‍යයෙන් රොකට් විද්‍යාව ලෙස ද හැඳින්වේ. F-15 ඊගල් හා F-16 ෆැල්කන් යානා සඳහා ප්‍රැට් සහ විට්නි F100 ජෙට් එන්ජින්, ඇමරිකා එක්සත් ජනපදයේ, ජෝර්ජියාවේ, රොබින්ස් ගුවන් හමුදා මූල ස්ථානයේ දී පරීක්ෂා කර බලන ලදී. එන්ජිම පිටුපස ඇති පැදවුම් දණ්ඩ සහිත නලය හඬ අවුරන අතර එන්ජිමෙන් පිටවන දුමාරයට පිටවීමට ඉඩ ලබා දේ.