ගම
From Wikipedia, the free encyclopedia
ගම වූකලී සමාජ ජීවිතයේ ප්‍රධාන ඒකකයකි.එක්රැස්වූ මානව සඹුහයකින් ගම නිර්මාණය වෙයි.මෙහි නගරයට වඩා ප්‍රමාණයෙන් අඩු ජනගහනයක් වාසය කරති.අතීතයේ බොහෝවිට ගම කෘෂිකාර්මික සංස්කෘතියක් සහිතව ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත ව්‍යුහයක් විය.කෙසේ වෙතත් කෘෂිකර්මය පදනම් නොවන ගම්ද ඇත.කෙසේ වෙතත් ගම බොහෝවිට ප්‍රාථමික ආර්ථිකයක් සහිතව නීර්මාණය වී ඇත.ගම ඇසුරු කරගෙන ආගමික ස්ථානයක් තිබීම බොහෝ විට දැකගත හැක.
ගම නිර්මානය විමේ ඉතිහාසය දෙස සලකා බැලීමේ දී ක්‍රිස්තු පූර්ව 8000-6000 අතර කාලයේදී නිර්මානය වන්නට ඇතැයි සැලකේ.එකල ගම සරල සමාජයක් වශයෙන් ගොඩනැගී අද පවතින සංකීර්ණ ගම දක්වා විකාශනයවී ඇත.මුල් යුගයේදී ගමක් නිර්මානය කරගන්නා ලද්දේ ඥාතී පිරිසක් එකට එකතුවී බව විශ්වාස කෙරේ.ගමක නායකත්වය අද්දැකීම් වැඩි වයසින් මුහුකුරාගිය පුද්ගලයෙකුට ලැබෙන්නට ඇතැයි සැළකේ.