ගිනි හාවා
From Wikipedia, the free encyclopedia
කේවි යනුවෙන්ද හඳුන්වනු ලබන ගිනී පිග් රෝඩන්ට් කුලයටත් පවුලටත් ගණයටත් අයත් විශේෂයකි. නම ගිනී පිග් වුවද මොවුන් ඌරු පවුලට අයිති හෝ ගිනියාවෙන් පැමිණි පිරිසක් නොවේ. ඔවුන්ගේ සම්භවය සිදු වී ඇත්තේ අන්දීස් කඳු ආශ්‍රිතවයි. ජීව රසායන විද්‍යාව හා දෙමුහුන්කරණය පදනම් වූ අධ්‍යයනවලට අනුව ඔවුන් වැනි කේවි විශේෂයන්ට ලඟ නෑකමක් දරන හීලෑ කොට්ඨාශයකි.එම නිසා මොවුන් වනයේ ස්වාභාවිකව දැකිය නොහැක. වර්තමාන හා සංරක්ෂණය වූ සතුන්ගේ හිස්කබල සහ ඇටසැකිලි පිළිබඳ රූප විද්‍යාවට අනුව සහ අණුක සළකුණු පිළිබඳ මෑත අධ්‍යයනවලට අනුව මොවුන්ගේ පූර්වජයා බොහෝ දුරට Cavia tschudii විය හැකි බව හෙලිවිනි.
Domestic guinea pig | |
---|---|
Two adult guinea pigs | |
ගෘහස්ථකරණය කළ | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
Kingdom: | Animalia |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Rodent |
කුලය: | Caviidae |
Genus: | Cavia (Linnaeus, 1758) |
විශේෂය: | C. porcellus |
ද්වීපද නාමය | |
Cavia porcellus (Linnaeus, 1758) | |
පර්යාය නාම(ය) | |
|
ගිනී පිග් දකුණු ඇමරිකානු ස්වදේශික ගෝත්‍රයන්ගේ ගැමි සංස්කෘතියේ වැදගත් භූමිකාවක් නිරූපණය කරයි. ආහාර ලෙස , දේශීය වෙදකමට මෙන්ම ආගමික සමාජ උත්සව ලෙස ද ඔවුන් යොදා ගනු ලබයි. දකුණු ඇමරිකාවෙන් පිටත මොවුන්ගේ ජනනය වැඩි කිරීමට 1960 සිට උත්සහ දරා ඇත. 16 වන සියවසේ යුරෝපීය වෙළෙඳුන්ගේ හඳුන්වාදීමත් සමගම ගිනී පිග් සුරතල් සතෙකු ලෙස බටහිර ජාතීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. ඔවුන්ගේ හීලෑ ස්වභාවය, ආහාර ලබාදීමේදී හා සුරතල් කිරීමේදී ඔවුන් දක්වන ප්‍රතිචාරය සහ රැක බලා ගැනීමේ සාපේක්ෂ පහසු භාවය නිසා ගිනී පිග් සුරතල් සතෙකු ලෙස ජනප්‍රිය වෙමින් පවතී. ගිනී පිග් පැටව් තරගකාරීව බිහි කිරීම සඳහා වූ සංවිධාන ලොව පුරා බිහි වී ඇත. විවිධ පාට සහ සම්මිශ්‍රණ සහිත විශේෂ ගිනි පිග් වර්ග මොවුන් විසින් බිහි කරනු ලබයි. ගිනී පිග්ලා ගැන ජීව විද්‍යාත්මක පරීක්ෂණ 17 වන සියවසේ සිට සිදු කෙරිණි. මෙම සතුන් 19 වැනි සහ 20 වැනි සියවස්වලදී පර්යේෂණ සඳහා බහුල ලෙස යොදා ගැනිණ.එම නිසා මොවුන් පර්යේෂණ විශේෂයක් ලෙස හැඳින්විණ. නමුත් දැන් මොවුන් වෙනුවට මීයන් වැනි අනික් රොඩන්ට් විශේෂ යොදා ගනී. මොවුන් තවමත් ළමා දියවැඩියාව, ක්ෂය රෝගය, ශීතාද රෝගය සහ ගර්භණී සංකූලතා වැනි මානව රෝගී තත්ව සඳහා පර්යේෂණ නිරූපක ලෙස යොදා ගනී.