ජපානයේ කොඩිය
ආසියාතික රටක් වන ජපානයේ ජාතික කොඩිය / From Wikipedia, the free encyclopedia
සුදු පැහැ පසුබිමේ පිහිටි රතු පැහැති වෘතයක් (හිරු) මගින් ජපන් ධජය නිරූපනය වේ. ජපන් බසින් නිශ්ශෝකි (日章旗, "sun-mark flag") යනුවෙන් නිල වශයෙන් හදුන්වනු ලැබුවද ව්‍යවහාරයේදී එය හිනොමරු (日の丸, "circle of the sun") ලෙස හැඳින්වේ.
නාමය | Nisshōki[1] or Hinomaru[2] |
---|---|
භාවිතය | Civil and state flag and ensign |
සමානුපාතිකය | 2:3 [1] |
භාවිතයට ගැනුණේ | 1870, පෙබරවාරි මස 27 (as the civil ensign by Proclamation No. 57); August 13, 1999 (as the national flag and slight modifications to the design of the flag) |
නිර්මාණය | A red sun-disc centered on a white field |
[[ගොනුව:{{{Image}}}|border|frameless]] | |
{{{Article}}} {{{Name}}} යේ ධජය |
ජාතික ධජය සහ ජාතික ගීතයට අදාල නීතීන්ට අනුව නිර්මාණය කල නිශ්ශෝකි (Nisshōki) ධජය 1999 අගෝස්තු මස 13 වන දින ජපානයේ ජාතික ධජය ලෙස ප්‍රසිද්ධියට පත් කරන ලදි. පෙර පැවති ව්‍යවස්ථා සම්පාදන මගින් ධජයක් නියමකර නොතිබුනද, හිරු තැටි ධජය ජපානයේ ධජය ලෙස නම් කරන ලදි. Meiji යුගයේ මුල් කාලයේ එනම් 1870දී, රජයේ ශ්‍රේෂ්ඨතම සභාව වූ Daijō-kan මගින් නිකුත්කරන ලද ප්‍රකාශන දෙකෙහිම ජාතික ධජයක් නිර්මාණය කිරීම උදෙසා ප්‍රතිපාදන පැවතුණි. Meiji යුගයේ 3 ප්‍රකාශන අංක 57 (1870, පෙබරවාරි මස 27 වන දින නිකුත්කරන ලදි) යටතේ වෙළඳ නෞකා සඳහා ජාතික ධජය ලෙසින්ද, ප්‍රකාශන අංක 651 (1870, ඔක්තෝම්බර් මස 27 වන දින නිකුත් කරන ලදි) යටතේ නාවික හමුදාව සඳහා ජාතක ධජය ලෙසින්ද හිරු තැටි ධජය සම්මත කරන ලදි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු අධිවාස සමයේ මුල් කාලයේ "හිනොමරු" (Hinomaru) ධජය භාවිතය තදින්ම සීමා කර තිබුණද පසුව එම සීමාකිරීම් ලිහිල් කරන ලදි.
ජපන් ඉතිහාසයේ මුල් කාලයේ, daimyo වරුන්ගේ සහ samurai වරුන්ගේ ධජ ලෙස හිනොමරු මාතිකය භාවිතා කරන ලදි. පුරාතන ඉතිහාසයේ Shoku Nihongiහි සඳහන් වන අන්දමට 701දී Mommu අධිරාජ්‍යයා ඔහුගේ අධිකරණයේ හිරු නිරූපණය කරන ධජයක් භාවිතා කරන ලදි. මෙය ජපානයේ හිරු මාතිකා ධජයේ ප්‍රථම වාර්තාගත භාවිතයයි. දැනට පවතින පැරණිතම ධජය Yamanashi ප්‍රාන්තයේ Kōshū නගරයේ Unpō-ji පන්සලේ ආරක්ෂිතව තැන්පත් කර ඇත. 16 වන සියවසටත් වඩා පැරණි මෙම ධජය 11 වන සියවසේදී Go-Reizei අධිරාජ්‍යයා විසින් Unpō-ji පන්සලට ලබාදුන් බව පැරණි පුරාවෘතයක සඳහන් වේ.[3][4][5] Meiji ප්‍රතිසංස්කරණ අතරතුරදී, රාජකීය ජපන් නාවික හමුදාවේ හිරු තැටි ධජය සහ නැගෙන හිරු ධජය යන යුගලම ජපන් අධිරාජ්‍යයේ මතුවී පෙනෙන ප්‍රධාන සංකේත බවට පත්විය. අභිමානය සහ ජාත්‍යාලය පෙන්වීමේ මාධ්‍යයක් ලෙස ප්රචාරක දැන්වීම්, පාඨග්‍රන්ථ සහ චිත්‍රපට වල ධජය භාවිතා කරන ලදි. ජාතික නිවාඩු දින, උත්සව සහ අනෙකුත් අවස්ථාවලදී තම නිවෙස්වල ජාතික ධජය ප්‍රදර්ශනය කරන ලෙස, රජය විසින් තම රටවැසියන්ට නියම කර තිබුණි. දෙවන චීන-ජපන් යුද්ධය සහ අනෙකුත් කලහකාරී අවස්ථාවලදී ජපානයට සහ එහි අධිරාජ්‍යයාට ඇති ලැදියාව පෙන්වීමේ විවිධාකාර ටෝකන් පත්වල අංගයක් ලෙස හිනොමරු මාතිකය ප්‍රචලිත විය. මෙම ටෝකන්පත් ධජය මත ලියන ලද සටන්පාඨ සිට ධජයට සමාන වූ ඇඳුම් ආයිත්තම් සහ බඳුන් දක්වා වූ පරාසය තුල විහිදී පැවතුනි.
ජාතික ධජය පිළිබඳ මහජන අවබෝධය විවිධාකාර වේ. සමහර ජපන් ජාතිකයන් සිතන අන්දමට, ධජය මගින් ජපානය නියෝජනය කරන අතර වෙනත් කිසිම ධජයකට එහි තැන ලබාගත නොහැක. [තහවුරු කර නොමැත] කෙසේවුවද, තම ජාතිය කෙරෙහි වූ අත්‍යන්ත භක්තිය නිසා ධජය ජපානය තුල නිතර ප්‍රදර්ශනය නොකෙරේ. දෙවන ලෝක යුද්ධයේ (පැසිෆික් යුද්ධය) අවසානයේ සිට රජයේ පාසල්වල ජාතික ධජය සහ ජාතික ගීතය Kimigayoහි භාවිතය විවාදශීලී කාරණයක් විය. ඒවායේ භාවිතය පිළිබඳ වූ අරගල, විරෝධය ප්‍රකාශ කිරීමේ සහ නඩු සඳහා මුල්විය. Okinawa ප්‍රාන්ත වැසියන්ට අනුව, ධජය මගින් දෙවන ලෝක යුද්ධයේ සිද්ධීන් සහ එහි හමුදාමය අත්කරගැනීම් නිරුපණය වේ. ජපානය විසින් යටත් කරගෙන තිබු සමහර ජාතීන් සඳහා ධජය යනු චණ්ඩභාවයේ සහ අධිරාජ්‍යවාදයේ සංකේතයකි.යටත්විජිත ජාතීන්ට එරෙහිව, ඔවුන් තැතිගන්විමට සහ ජපානයේ ආධිපත්‍යය ප්‍රකාශකිරීමේ ආයුධයක් ලෙස හිනොමරු භාවිතා කරනලදි. ඍණාත්මක අරුත්ගැන්වීම් නොසලකා, බටහිර සහ ජපන් මුලාශ්රවල සඳහන් අන්දමට ධජය යනු ජපන් ජාතිකයන්ට ප්‍රභල සහ චිරස්ථායි සංකේතයකි. sunrayed නාවික ධජය ඇතුළු ජපානයේ හමුදාමය ධජ කිහිපයක්ම හිනොමරු මූලික කරගෙන ඇත. එමෙන්ම, අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ජපන් ධජ සඳහා හිනොමරු ධජය ආකෘතිය ලෙස යොදාගෙන ඇත.