ජෛව රසායන විද්‍යාව
From Wikipedia, the free encyclopedia
ජීව රසායන විද්‍යාව[1], ජෛව රසායන විද්‍යාව එසේත් නැත්නම් ජෛව රසායනවේදය[2][3] යනු ජීවින්ගේ සිරුර තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා පිළිබදව සිදුකරන අධ්‍යයනයයි. මෙහිදී ප්‍රෝටීන, කාබෝහයිට්‍රේට, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල සහ වෙනත් ජෛව අණු වැනි සෛලීය ද්‍රව්‍යවල ව්‍යුහය හා කෘත්‍ය පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. රසායනික ජීව විද්‍යාව (Biochemistry) මගින් ජෛව රසායනික විද්‍යාවේ ඇති වන යම් යම් ගැටළුවලට රසායනික සංස්ලේෂණය මගින් විසදුම් ලබාදේ.
විවිධ ආකාරයේ ජෛව අණු විශාල ප්‍රමාණයක් තිබුණද ඒවායින් බොහෝමයක් සංකීර්ණ විශාල බහු අවයවික අණු වන අතර (Polymers) මේවා සෑදි ඇත්තේ ඒ හා සමාන පුනරාවර්ථනය වන ඒක අවයවික කුඩා උප ඒකක මගිනි. (Monomers) ඉහත සදහන් කළ බහු අවයවික ජෛව අණු සදහා විවිධ ආකාරයේ උප ඒකක වර්ග ඇත. උදාහරණයක් ලෙස ප්‍රෝටීන යනු ඇමයිනෝ අම්ල 20 ක් හෝ වැඩි ප්‍රමාණයකින් සෑදි ඇති බහු අවයවිකයකි. ජෛව රසායනික විද්‍යාවේදී ප්‍රෝටීන වැනි වැදගත් ජෛව අණුවල රසායනික ගුණාංගයන් පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. උදාහරණයක් ලෙස එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියා පිළිබදව මෙහිදී අධ්‍යයනය කරයි.
සෛල පර්වෘත්තියෙහි සහ අන්තරාසර්ග පද්ධතියෙහි ජෛව රසායනික විද්‍යාව පිළිබද වඩාත් පුළුල් ලෙස විග්රහ කර ඇත. ජෛව රසායනික විද්‍යාවේ වෙනත් ක්ෂේත්රයන් වනුයේ ඩී.එන්.ඒ සහ ආර්.එන්.ඒ වැනි ජාන කේත , ප්‍රෝටීන් සංස්ලේෂණය, සෛල පටලවල පරිවහණය සහ සංඥා ගමනා ගමනය පිළිබදව කරන අධ්‍යයනයන්ය.
ජෛව රසායන විද්‍යාව (ග්‍රීක භාෂාවෙන් βίος, bios, ‘ජීවිතය’ හා ඊජිප්තුව භාෂාවෙන් kēme , ‘පෘථිවිය’) යනු සජීවී පටකවල රසායනික ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමයි. ප්‍රෝටීන , කාබොහයිඩ්රේට් , ලිපිඩ , න්‍යෂ්ටික අම්ල හා අනෙකුත් ජෛව අණු වැනි සෛලික අංගවල ක්‍රියාකාරිත්වය හා ව්‍යුහය පිළිබදව කටයුතු කරයි. ජෛව රසායනය තුළින් නැගෙන බොහෝ ප්‍රශ්නවලට රසායනික විශ්ලේෂණ තුළින් දියුණු කරන ලද මෙවලම් භාවිතයෙන් පිළිතුරු සැපයීමට රසායනික ජිව විද්‍යාව උත්සාහ දරයි.
විවිධ ජෛව අණු විශාල සංඛ්‍යාවක් තිබුණ ද බොහොමයක් එක සමාන පුනරාවර්තී උප ඒකක (ඒක අවයවක ලෙස හදුන්වන) විශාල සංඛ්‍යාවක එකතුවෙන් ඇතිවන විශාල හා සංකීර්ණ අණු වෙයි. (බහු අවයවක ලෙස හදුන්වන) සෑම බහු අවයවක ජෛව අණු කණ්ඩායමකටම වෙනස් උප කොටස් කාණ්ඩ ඇත. උදාහරණ ලෙස ප්‍රෝටීන් යනු ඇමයිනෝ අම්ල 20 ක් දක්වා හෝ ඊට වැඩි ප්‍රමාණයකින් සෑදී ඇති බහු අවයවයකි. ජෛව රසායනය ප්‍රෝටීන් වැනි වැදගත් ජෛව අණුවල රසායනික ගුණ අධ්‍යයනය කරයි. විශේෂයෙන් එන්සයිමීය උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවල රසායනය.
සෛල පරිවෘත්තීය හා අන්තරාසර්ග පද්ධතියෙහි ජෛව රසායනය පුළුල් ලෙස විස්තර කර ඇත. ජෛව රසායනයේ අනෙකුත් අංශවලට ප්‍රෙව්ණි කේත (DNA , RNA) , ප්‍රෝටීන් සංස්ලේෂණය , සෛල පටල ප්‍රවාහනය හා සංඥා සම්ප්‍රේෂණය ඇතුළත් වේ.
මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ භෞමික ජෛව විද්‍යාව පිළිබදව පමණි. කාබන් සහ ජලය පදනම් කරගත් දැනට පවතින සියලු ජීවී ප්‍රභේද පැවැත එන්නේ එකම පොදු පූර්වජයාගෙන් නිසා ඒවාට පවතිනුයේ සමාන ජෛව රසායනයි. වෙනස් ජෛව අණුවල අත්පුරුව වැනි මූලිකවම පදනමක් නොමැති දේවලට පවා එය එසේමය. විකල්ප ජෛව රසායනයක් පැවතීම හෝ එහි ප්‍රායෝගික බව නොදන්නා කරුණකි.