ට්‍රයිටන් (නෙප්චූන්ගේ චන්ද්‍රයා)
ට්‍රයිටන් (නෙප්චූන්ගේ විශාලතම චන්ද්‍රයා) / From Wikipedia, the free encyclopedia
ට්‍රයිටන් නෙප්චුන් ග්‍රහයාගේ විශාලතම උප ග්‍රහයා වන අතර එය ක්‍රිස්තු වර්ෂ 1846 ක් වූ ඔක්තෝබර් මස 10 වෙනි දින සොයා ගන්න ලද්දේ ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ විලියම් ලැසල් විසිනි. එය සෞරග්‍රහ මණ්ඩලය තුල පිහිටි මව් ග්‍රහයාගේ භ්රරමණ දිශාවට ප්රතිගාමී චලිතයක් දක්වන විශාලතම උප ග්‍රහයා ය. විශ්කම්භයෙන් කිලෝමීටර් 2700 ක විශාලත්වයක් දක්වන ට්‍රයිටන් උප ග්‍රහයා විශාලත්වය අතින් සැලකීමේදී සෞරග්‍රහ මණ්ඩලයේ සත් වැන්නට විශාලතම උප ග්‍රහයා වේ. ට්‍රයිටන් ග්‍රහයාගේ ප්රතිගාමී චලිත රටාව සහ ග්‍රහයාගේ මූලද්‍රව්‍ය සංයුතිය පිළිබද සැලකීමෙන් පසු තාරකාවිද්‍යාඥයින් අනුමානය වන්නේ ට්‍රයිටන් ග්‍රහලොව කූපර් පටිය තුල පැවතෙන්නට ඇති බවත් පසු කාලීනව ගුරුත්වාකර්ෂණ ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස නෙප්චූන් ග්‍රහයාගේ උප ග්‍රහයෙක් බවට පත් වන්නට ඇති බවත් ය. ට්‍රයිටන්ගේ පෘෂ්ඨය මූලිකවම ඝණ නයිට්රජන් සහ අයිස් මිශ්‍රණයකින් වැසී පවතින අතර ඊට අමතරව ලෝහ සහ පාෂාණ වැස්මකින්ද සමන්විත වේ. එය ග්‍රහලොවේ මුළු ස්කන්ධයෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් දක්වා අගයක් ගනී. ට්‍රයිටන් ග්‍රහයාගේ මධ්‍යනය ඝනත්වය 2.061 g/cm3 පමණ වන අතර ග්‍රහ ලොවේ ස්කන්ධයෙන් 15–35% දක්වා ප්‍රමාණයක් ජලය ද්‍රව අයිස් ලෙස පවතී.
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | විලියම් ලැසල් |
සොයාගත් දිනය | ඔක්තෝබර් 10, 1846 |
නිලනාමයන් | |
ශබ්දනැගීම | /ˈtraɪtən/ TRY-tən |
විකල්ප නම් | නෙප්චූන් I |
කක්ෂීය ලක්ෂණ | |
අඩ-මහා අක්ෂය | 354759 km |
උත්කේන්ද්‍රියතාවය | 0.000016 |
කක්ෂීය කාලාවර්තය | −5.876854 d (මව් ග්‍රහයාට ප්‍රතිවිරුද්ධ දිශාවට) |
ආනතිය | 129.812° (කක්ෂ තලයට) 156.885° (සූර්යාගේ ක්‍රාන්ති වලයට) 129.608° (නෙප්චූන්ගේ කක්ෂයට) |
මෙහි චන්ද්‍රිකාවකි | නෙප්චූන් |
භෞතික ගුණාංග | |
මධ්‍යන්‍යය අරය | 1353.4±0.9 km(0.2122 පෘතුවිය වරක්) |
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 23018000 km2 |
පරිමාව | 10384000000 km3 |
ස්කන්ධය | 2.14×1022 kg (0.00359 පෘතුවිය වරක්) |
මධ්‍යන්‍යය ඝණත්වය | 2.061 g/cm3 |
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 0.779 m/s2 (0.0794 g) (0.48 චන්ද්‍රයා මෙන්)< |
මිදුම් ප්‍රවේගය | 1.455 km/s |
භ්‍රමණ කාලාවර්තය | සමමුහුර්ථකව |
ආක්ෂක ආනතිය | 0 |
ප්‍රභානුපාතය | 0.76 |
උෂ්ණත්වය | 38 K |
වායුගෝලය | |
පෘෂ්ඨීය පීඩනය | 1.4–1.9 Pa (1/70000 පෘතුවි වායුගෝලීයපීඩනය) |
සංයුතිය | නයිට්රජන්.මීතේන් සහ විවිධ අංශුන් |
ට්‍රයිටන් යනු සෞරග්‍රහ මණ්ඩලය තුල භූ විද්‍යාත්මක ලෙස සැලකු විට සක්‍රීයව පවතින උපග්රහයන් කිහිපය අතුරින් එක් උපග්‍රහයෙක් වන අතර අනෙකුත් ග්‍රහලෝක වලට සාපේක්ෂව තරුණ ග්රහලොවක් වන මෙහි මතුපිට පෘෂ්ටය එම නිසා මෙතෙක් අවබෝධ කර නොගත් භූ විෂමතා කලාප, පැහැදිලි හේතුවක් පැවසිය නොහැකි නිතර පෘෂ්ටය මත සිදු වන භූචලන වලින් පිරි පවතී. ග්රහලෝවෙන් කොටසක මතුපිට පෘෂ්ටය මත විසිරී පවතින උණුදිය උල්පත් නිතරම අධික උෂ්ණත්වයකට ලක්වෙමින් උතුරා යන ලක්ෂණ පෙන්වයි.ට්‍රයිටන් මතුපිට වායුගෝලය මත පවතින නයිට්රජන් වායුව පෘතුවියේ මෙන් 1/70,000 ක් පමණ තුනී ස්තරයක් ලෙස විසිරී පවතී.