දක්ෂිණදිග එක්සත් ජනපදය
From Wikipedia, the free encyclopedia
ඇමරිකානු දක්ෂිණ දිග, ඩික්සි, හෝ සරල ලෙසින් දක්ෂිණ දිග ලෙසින් පොදු ව්‍යවහාරයෙහි දැක්වෙන, දක්ෂිණදිග එක්සත් ජනපදය, යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි භූමිප්රදේශයකි. දක්ෂිණදිග යන පදය භූගෝල විද්‍යාත්මක දකුණ සමගින් යථාර්ථ ලෙසින් නොගැලපුනද මෙම ප්‍රදේශය ප්‍රමුඛතම ලෙසින් රටෙහි අග්නිදිග කොණෙහි පිහිටයි; භූගෝල විද්‍යාත්මක ලෙසින් රටෙහි දකුණු කොටසෙහි පිහිටන ඇරිසෝනා සහ නිව් මෙක්සිකෝ යන ජනපද, දක්ෂිණ එක්සත් ජනපදයෙහි කොටසක් ලෙසින් නොසැලකෙතත්, 1863 වසරෙහිදී වර්ජීනියා වෙතින් වෙන්වූ බටහිර වර්ජීනියා,[2] සාමාන්‍යයෙන් එහි කොටසක් ලෙසින් සැලකෙයි.[3][4][5] සමහරක් විද්වතුන් විසින් දකුණුදිග සඳහා යෝජනා කර ඇති අර්ථදැක්වීම් ජනපද සීමා සමගින් පිළිවෙලට සමපාත නොවේ. [6][7] සිවිල් යුද්ධය ඇරඹීමට පෙර ඩෙලවෙයා සහ මේරිලන්ඩ් යන ජනපද දෙක මෙන්ම, ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා ප්‍රදේශයද වහල් සේවයට අවසර දී තුබූ අතර, ඔවුහූ සංගමික රාජ්‍යය හා සමගින් සිටියහ. 1960 ගණන් වලදී සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර වලින් පසුව, ඔවුහූ කාර්මීකරණයවූ උතුරු ජනපද හා සමගින් බෙහෙවින් සංස්කෘතික, ආර්ථික සහ දේශපාලනමය ලෙසින් පෙළගැසුනු අතර, බොහෝ වැසියන්, ව්‍යාපාර, පොදු ආයතන සහ පුද්ගලික සංවිධාන විසින් බොහෝවිට මධ්‍ය-අත්ලාන්තික් සහ/හෝ ඊසානදිග ප්රදේශයන්ගේ කොටසක් ලෙසින් හඳුනාගැනෙයි.[8][9][10][11][12] කෙසේවෙතත්, එක්සත් ජනපද ජනසංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ඔවුන් දකුණුදිග ගොන්නට දමා හඳුන්වයි.