දූර්දර්ශන්
From Wikipedia, the free encyclopedia
දූර්දර්ශන් (Doordarshan; බොහෝවිට DD ලෙසද කෙටිකර හඳුන්වන) යනු ඉන්දීය ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ ප්රසාර් භාරතී ආයතන ජාලය යටතේ පවතින පොදු මහජන රූපවාහිනී ගුවන්විදුලි විකාශන සේවයකි. එය විකාශනාගාර සහ මැදිරි පහසුකම් අතින් ඉන්දියාවේ විශාලතම මාධ්‍ය ජාල වලින් එකකි. මෑතකදී එය සංඛ්‍යාංක භූමි විකාශනාගාර (digital terrestrial transmitters) භාවිතයද ඇරඹීය. රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාල විකාශන, ජංගම දුරකථන විකාශන ඇතුළු සේවා රැසක් දූර්දර්ශන් ජාලය විසින් මෙහෙයවයි. ඉන්දියාවේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වලට මෙන්ම විදේශයන්ටද වැඩසටහන් විකාශය කිරීමේ හැකියාව දූර්දර්ශන් සතුය.
වර්ගය | ගුවනින් විසුරුවාහරින සහ මාර්ගගත රුපවාහිනී සහ ගුවන්විදුලි ජාලය |
---|---|
රට | ඉන්දියාව |
අාවර්ණය | රට පුරා |
ආදර්ෂ පාඨය | सत्यम शिवम सुंदरम |
මූලස්ථාන | නවදිල්ලි, ඉන්දියාව |
හිමිකරු | ප්රසාර් භාරතී |
දියත් කල දිනය | 1959 සැප්තැම්බර් 15 |
පැරණි නාමයන් | සමස්ථ ඉන්දීය ගුවන්විදුලිය |
රූප අාකෘතිය | 480i (16:9 SDTV) 720p (HDTV) |
නිල වෙබ් අඩවිය | ddindia.gov.in |
"දූර්දර්ශන්" යන වදන වර්තමානය වනවිට සමස්ථ දූර්දර්ශන් මාධ්‍ය ජාලය හැඳින්වීමට භාවිතා කරයි. මෙම මාධ්‍ය ජාලය පුළුල් වීමත් සමග 1959දී ඇරඹි දූර්දර්ශන් නාලිකාවේ නාමය පසුකාලීනව ඩීඩී නැෂනල් ලෙස වෙනස්කරන ලදී.