නේටෝ ස්වීඩනය සබඳතා
From Wikipedia, the free encyclopedia
2024 මාර්තු 7 දින සිට ස්වීඩනය, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙහි (නේටෝ) සාමාජිකයෙක් බවට පත්වී ඇත.[1]
සංවිධානයට බැඳීමට පෙර, ස්වීඩනය සහ නේටෝ සංවිධානය නිතිපතා තොරතුරු හුවමාරු කර ගනිමින් ඒකාබද්ධ අභ්යාසයන්හී නියැලී තිබූ අතර, බොස්නියා සහ හෙර්සෙගොවීනා තුල නේටෝ-මෙහෙයවූ සාමසාධක බලකාය වෙත ස්වීඩනය විසින් බළ ඇණියක් යැවූ 1995 වසරෙහි සිට සාමසාධක මෙහෙයුම්වලදී සහයෝගිතාවය දක්වා තිබුණි.[2][3][4] 1994 මැයි 9 දිනදී ස්වීඩනය සාමය සඳහා සහයයෝගීත්වය වෙත බැඳුනි.[5][6]
ඓතිහාසික වශයෙන් ගත් කල, ස්වීඩන ජනගහණයෙන් සුළුතරයක් පමණක් නේටෝ සාමාජිකත්වය පිළිබඳ කැමැත්තක් දැක්වූ මුත්, බහුතරයෙහි කැමැත්ත වෙනසකට ලක්වූයේ, 2022 පෙබරවාරි මාසයෙහිදී සිදුවූ රුසියාව විසින් යුක්රේනය ආක්රමණය සිදුවීමෙන් පසුවය. 2022 මැයි මාසයෙහිදී, ස්වීඩනය, ෆින්ලන්තය හා සමගින්, සංවිධානයට බැඳීමට ඉල්ලීම් ඉදිරිපත් කලේය. ස්වීඩනය බැඳීම සඳහා ප්රවේශ ගිවිසුම, නේටෝ සංවිධානය විසින් 2022 ජූලි මාසයෙහිදී අත්සන් තැබිණි. [7] 2022 සැප්තැම්බර් මාසය කෙළවර වන විට, තුර්කිය සහ හංගේරියාව හැර සෙසු සියළු නේටෝ සාමාජිකයෙන් විසින් ස්වීඩනයෙහි ප්රවේශය අපරානුමත කර තිබුණි. 2024 ජනවාරි 26 දින වන විට තුර්කිය විසින් ස්වීඩනයෙහි ප්රවේශය අපරානුමත කරන ලද අතර, ඉන්පසු හංගේරියාව විසින් 2024 මාර්තු 7 දිනදී එසේ කරන ලදි. 2024 මාර්තු 7 දිනදී, ස්වීඩනය විධිමත් ලෙසින් නේටෝ සාමාජිකයෙක් බවට පත් විය.