පලස්තීනය
From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, පලස්තීනය (බහුරුත්හරණය) බලන්න.
පලස්තීනය (අරාබි: فلسطين Filasṭīn, Falasṭīn, Filisṭīn; ග්‍රීක: Παλαιστίνη, පලෙයිස්ටිනේ; ලතින්: පලෙස්ටීනා; හීබ්රෑ: פלשתינה පලෙස්ටිනා) යනු, මධ්‍යධරණී මුහුද සහ ජෝර්දාන් නදිය අතරතුර භූගෝලීය ප්‍රදේශය සහ වෙනත් යාබද භූමීන් විස්තර කිරීමට, වෙනත් නම් වලට අමතරව යෙදෙන ගතානුගතික නාමයකි.[1][2][3][4][5][6] මෙම ප්‍රදේශය ඊශ්‍රායෙල් දේශය ලෙසින්ද (Hebrew: ארץ־ישראל Eretz-Yisra'el),[7] ශුද්ධවූ දේශය සහ දකුණු ලෙවන්ට් ලෙසින්ද හැඳින්වෙන අතර,[8] ඓතිහාසික වශයෙන් කනාන්, සියොන්, සිරියා පැලෙස්ටිනා, දකුණු සිරියාව, ජුන්ඩ් ෆිලස්ටින් සහ අවුට්මර් ලෙසින්ද හඳුන්වා ඇත්තේ වෙනත් නම් වලට අමතරවය.