පිටෝ නළය
From Wikipedia, the free encyclopedia
පිටෝ නළය (/ˈpiːtoʊ/ PEE-toh හෝ පිටොට් නළය) යනු තරල ප්රවාහයක ප්‍රවේගය මැනීමට භාවිතා කරන පීඩනය මැනීමේ උපකරණයකි. පිටෝ නළය සොයාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙකුවූ හෙන්රි පිටොට් විසින් 18වන සියවසේ මුල් භාගයේදීය.[1] එය නූතන ආකාරයට සංවර්ධනය කළේ ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වූ හෙන්රි ඩාසි විසින් 19වන සියවසේ මැද භාගයේදීය.[2] එය ගුවන් යානාවල පියාසර වේගය නිශ්චය කරගැනීමට පුළුල්ව භාවිතාවේ එසේම, බෝට්ටුවක ජල වේගය, හා කර්මාන්ත යෙදවුම්වල ද්‍රව, වායු හා ගෑස් ප්‍රවාහ වල ප්‍රවේගය මැනීමට ද මෙය භාවිතාවේ. ප්‍රවාහ ධාරාවක දෙන ලද තැනක ප්රවාහයේ ස්ථානීය ප්‍රවේගය මැනීමට මෙය භාවිත වුවද නළය හෝ පීල්ල තුල ප්රවාහයේ සාමාන්‍ය ප්‍රවේගය මෙය භාවිත නොකරයි.[3]