පෘතුගාලයේ සෙබැස්තියන් රජ
From Wikipedia, the free encyclopedia
දොම් පළමුවන සෙබැස්තියන් රජ (පෘතුගීසි: සෙබස්තියොම් ඊ[1] 20 ජනවාරි 1554 – 4 අගෝස්තු 1578) යනු, 11 ජූනි 1557 සිට 4 අගෝස්තු 1578 දක්වා පෘතුගාලයේ සහ අල්ගාර්වෙස් හී රජ වූ අතර අවිස් රාජවංශයෙහි උපාන්ත්‍ය පෘතුගීසි රජ විය.
Quick Facts පළමුවන සෙබැස්තියන් රජ, පෘතුගාලයේ සහ අල්ගාර්වෙස් හී රජ ...
පළමුවන සෙබැස්තියන් රජ | |
---|---|
පෘතුගාලයේ සහ අල්ගාර්වෙස් හී රජ | |
රාජ්‍ය සමය | 11 ජූනි 1557 – 4 අගෝස්තු 1578 |
ප්‍රස්තවනය | 16 ජූනි 1557; ලිස්බන් |
පූර්වප්‍රාප්තිකයා | තෙවන ජෝන් රජ |
අනුප්‍රාප්තිකයා | හෙන්රි රජ |
උපරාජයෝ | ලැයිස්තුව බලන්න
|
උපත | 20 ජනවාරි 1554(1554-01-20) රිබෙයිරා මාලිගය, ලිස්බන් |
මරණය | 4 August 1578(1578-08-04) (වයස 24) අල්කසීර් කැබීර් |
භූමදානය | ජොරෝනිමස් ආශ්‍රමය (විවාදාත්මකය) |
වංශය | අවිස් |
පියා | ජුවම් මනුවෙල්, පෘතුගාලයේ කුමාරයා |
මව | ඕස්ට්‍රියාවේ ජොවානා |
ආගම | රෝමානු කතෝලික ආගම |
අත්සන |
Close
හෙතෙම, ජෝන් මැනුවෙල්, පෘතුගාලයේ කුමාරයා සහ ඔහුගේ භාර්යාව වූ ඕස්ට්‍රියාවේ ජොවානාගේ පුත්‍රයා විය. ඔහු, පෘතුගාලයේ තෙවන ජෝන් රජගේ සහ ශුද්ධවූ රෝමානු අධිරාජ පස්වන චාල්ස්ගේ මුණුපුරාද විය. අල්කසීර් කැබීර් සටනෙහිදී ඔහු අතුරුදහන් විය (බොහෝ විට ක්‍රියාන්විතයෙහිදී මිය යන්නට ඇත). පළමුවන සෙබැස්තියන් රජ බොහෝ විට අපේක්ෂිතයා (පෘතුගීසි: ඕ දේසේජාඩෝ) ලෙසින් හැඳින්වෙන්නේ, ඔහුගේ මරණය නිසා ඇති වෙමින් තිබූ පෘතුගාලයෙහි පරිහානිය නවතා ලීම සඳහා ඔහු යළි පැමිණීම පෘතුගීසී ජනයා අපේක්ෂා කළ බැවිනි.
- පෞරාණික පෘතුගීසි භාෂාවෙහි සෙබැස්තියම් ලෙසින් ප්‍රවාචනය කෙරෙයි