මීමැස්සන්ට දැනුම්දීම
From Wikipedia, the free encyclopedia
මීමැස්සන්ට දැනුම්දීම යනු බටහිර යුරෝපියානු සම්ප්රදායයක් වන අතර, එහිදී සිදුවන්නේ, මරණ, උපත්, විවාහ, පිටතටයාම් සහ යළිපැමිණීම් වැනි මීමැසි පාලකයාගේ නිවසේ සිදුවන වැදගත් සිද්ධීන් සියල්ල මීමැස්සන්ට දැනුම්දීමය. මෙම සම්ප්රදායය ඉටු නොකර සිටියොත් හෝ අමතකව ගියහොත් හෝ එනයින් මීමැස්සන්ට "දුක්වීමට ඉඩ නොසලසතොත්" , එවිට දඬුවමක් වශයෙන්, මීමැස්සන් මීවදයෙන් පිටත්ව යාම, පැණි නිෂ්පාදනය උන් විසින් නැවැත්වීම හෝ උන් මියයාම වැනි කිසිවක් අත්විඳීමට සිදුවෙතැයි විශ්වාස කෙරෙයි. [1]
මෙම සම්ප්රදායය බෙහෙවින් හමුවන්නේ එංගලන්තයෙහිදී වුවද, අයර්ලන්තය, වේල්සය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්රංශය, ස්විට්සර්ලන්තය, බොහෙීමියාව (වර්තමානයෙහි චෙක් ජනරජය) සහ එක්සත් ජනපදයෙහිදීද මෙය සිදුවී ඇති බවක් වාර්තා වෙයි. [2][3] [4][5][6]