යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කය
From Wikipedia, the free encyclopedia
යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කය (රුසියානු: Ура́льский федера́льный о́круг, උරැල්ස්කි ෆිඩරැල්නි ඕක්රූග්) යනු, රුසියාවේ ෆෙඩරල් දිස්ත්‍රික්ක නවය අතුරින් එකකි. 2010 ජනගහණ සංගණනය ප්‍රකාර, එහි ජනගහණය 12,080,523 (79.9% නාගරික) විය.[1]
යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කය Уральский федеральный округ | |
---|---|
රුසියාවේ ෆෙඩරල් දිස්ත්‍රික්කය | |
රුසියාව තුල යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කයේ පිහිටුම | |
රට | රුසියාව |
පිහිටුවීම | මැයි 18, 2000 |
පරිපාලන කේන්ද්‍රය | යෙකැතරින්බර්ග් |
ආණ්ඩුව / පරිපාලනය | |
• ජනාධිපතිමය තානාපති | ඉගෝර් කෝල්මාන්ස්කික් |
සරිය | |
• සම්පූර්ණ | 1,788,900 කිමී2 (690,700 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 3වන |
ජනගහණය(2010) | |
• සම්පූර්ණ | 12,080,526[1] |
• අනුස්ථිතිය | 6වන |
• නාගරික | 79.9%[1] |
• ගම්බද | 20.1%[1] |
ෆෙඩරල් පාලන ප්‍රදේශ | 6 ඇතුලත් කෙරිණි |
ආර්ථික ප්‍රදේශ | 2 ඇතුලත් කෙරිණි |
වෙබ් අඩවිය | uralfo.ru/ |
රුසියාවේ ජනාධිපතිගේ නියෝගයක් පරිදී, 2000 මැයි, 13 දිනදී මෙම දිස්ත්‍රික්කය පිහිටුවන ලදි.[2] මෙම දිස්ත්‍රික්කය බොහෝ ලෙසින් යූරල් භූගෝලීය ප්‍රදේශයේ පිහිටා ඇති නමුදු, වොල්ගා ප්‍රදේශයේ සුළු කොටස්ද එයට අයත් වෙයි. රුසියාවේ යුරෝපියානු සහ ආසියානු ප්රදේශයන්ගේ සීමාවෙහි එය පිහිටා ඇති අතර,[3] එහි ප්‍රමාණය, යූරල් ආර්ථික ප්‍රදේශයේ ප්‍රමාණයට වඩා වෙනස්ය. මෙම දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රය වන්නේ යෙකැතරින්බර්ග් නගරය වෙයි.
එහි ජනගහණය මුළු රුසියානු ප්‍රමාණයෙන් 8.5% ක් පමණක් වුවද, මෙම දිස්ත්‍රික්කය විසින් රුසියාවේ දළ ප්‍රාදේශීය නිෂ්පාදිතයෙන් 18% කට දායකත්වය සපයයි.[4]