ලුම්බිනී ස්තම්භලේඛය
නේපාලයේ බුදුන් වහන්සේගේ උත්පත්ති ස්ථා අය හඳුනාගැනීමට ස්ථාපිත අශෝක ස්තම්භ අභිලේඛනය / From Wikipedia, the free encyclopedia
ලුම්බිනී ස්තම්භලේඛය හෙවත් ලුම්බිනී ස්තම්භ අභිලේඛනය, පාදේරියා අභිලේඛනය යනුවෙන් හැඳින්වෙන්නේ 1896 දෙසැම්බරයේ දී ඇලොයිස් ඇන්ටන් ෆියුරර් විසින් නූතන නේපාලයේ ලුම්බිනියේ අශෝක ස්තම්භයෙන් සොයාගනු ලැබූ පුරාතන බ්රාහ්මී අක්ෂරවලින් ලියන ලද අභිලේඛනයකි.[1] මේ හා සමාන තවත් ප්‍රකට අභිලේඛනයක් වන්නේ නිගාලි-සාගර් අභිලේඛනයයි. ලුම්බිනී අභිලේඛනය අශෝකයන්ගේ ලඝු ස්තම්භලේඛ අතරට වර්ගීකරණය කොට තිබුණ ද, මෙය අතීත කාල සහ සාමාන්‍ය ප්‍රථම පුරුෂ (රාජකීය අයුරින් නොවේ) ස්වභාවයෙන් රචනාකොට ඇති හෙයින්, මෙය අශෝකයන් මෙම ස්ථානය බැහැදැකීම අනුස්මරණය කරනු වස් පිහිටුවූවක් බවත්, එය රජු විසින්ම ස්ථාපිත කළ ආඥාවක් බැව් පෙනේ.[2]
Quick Facts ලුම්බිනී ස්තම්භලේඛය, මාධ්‍යය ...
ලුම්බිනී ස්තම්භලේඛය | |
---|---|
මාධ්‍යය | ඔපදැමූ වැලිගල් |
ප්‍රමාණය | Height: Width: |
යුගය/සංස්කෘතිය | ක්‍රි.පූ. 3වන සියවස |
සොයාගනු ලැබූයේ | 27.469650°N 83.275595°E / 27.469650; 83.275595 |
ස්ථානය | ලුම්බිනී, නේපාලය. |
වර්තමාන පිහිටුම | ලුම්බිනී, නේපාලය. |
Close