විදුලි ක්ෂමතාව
පරිපථයක විද්‍යුතය ගලායන සිග්‍රතාවය / From Wikipedia, the free encyclopedia
විදුලි ක්ෂමතාව(විද්‍යුත් ක්ෂමතාව) යනු කිසියම් පරිපථයක ඒකක කාලයක් තුල විද්‍යුත් ශක්තිය ගමන් කිරීමේ සිඝ්‍රතාවයයි. එහි අන්තර් ජාතික ඒකකය වන්නේ, තත්පරයට ජූල් එකක්, එනම් වොට්.
විදුලි බලය සාමාන්‍යයෙන් විදුලි ජනක වලින් නිපදවන අතර වියළි කෝෂ වැනි ප්‍රභව වලින් වුවද සැපයිය හැකිය. විදුලි උත්පාදන කර්මාන්තයේදී විදුලි ජනක වලින් නිපදවන විදුලිය, පිහිටුවා ඇති විදුලි බල පද්ධතියක් හරහා ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වලට ලබාදෙයි. එහිදී විදුලිය මිලට දෙනු ලබන්නේ කිලෝ වොට් පැය(3.6 මෙගා ජූල්) ලෙසිනි . එනම් වැය කල විදුලි ක්ෂමතාවයේ වොට් අගය ගතවූ කාලයේ පැය අගයෙන් ගුණකිරීමෙනි. පාරිභෝගිකයාට ලබාදී ඇති මුළු විදුලි ශක්ති ප්‍රමාණය දැක්වෙන විදුලි මාපකය(විදුලි මීටරය) විදුලි ක්ෂමතාවයේ භාවිතය මැනීමට යොදාගනී.
විදුලිය අඩු එන්ට්‍රොපිය ශක්ති ආකාරයක් බැවින් බොහෝ දුර ප්‍රමාණයකට සම්ප්‍රේෂණය කිරීමටත් ආලෝකය, තාපය වැනි වෙනත් ශක්ති ප්‍රභේද වලට ඉහළ ශක්ති කාර්යක්ෂමතාවකින් පරිවර්තනය කිරීමටත් හැකිය. [1]