වියට්නාම බාලදක්ෂ සංගමය
From Wikipedia, the free encyclopedia
වියට්නාම බාලදක්ෂ සංගමය (වියට්නාම: Hội Hướng Đạo Việt Nam (HĐVN)) යනු වියට්නාමයේ පිහිටුවා එහි 1930 සිට 1975 අතර සක්‍රියව පැවතුනු තරුණ සංවිධානයකි. 1957 සිට 1975 දක්වා මෙම සංගමය, බාලදක්ෂ ව්‍යාපාරයේ ලෝක සංවිධානය විසින් පිළිගෙන තිබුණි.
Quick Facts Vietnamese Scout Association, Country ...
Vietnamese Scout Association | |||
---|---|---|---|
Hướng đạo Việt Nam | |||
Country | United States, Germany, Canada, Australia, France, Vietnam | ||
Founded | 1930 | ||
Founder | Trần Văn Khắc | ||
| |||
Scouting portal |
Close
වියට්නාමයේ දේශපාලන තත්ත්වය නිසා සහ එහි පැවති යුද්ධය නිසා, 1954 න් පසුව, කොමියුනිස්ට් උතුරු වියට්නාමයෙහි එය තහනම් කර තිබුණු අතර, සයිගොං බිඳ වැටීමෙන් පසුව සිදුවූ කොමියුනිස්ට් ජයග්‍රහණය හා සමගම, මුළු දේශය පුරාම තහනම් කෙරිණි. එය දැනට, විප්‍රවාසයෙහි පවතින අතර, වියට්නාමය තුල ප්‍රතිසංස්කරණයට ලක් වෙමින් පවතියි. 1994 සිට 2002 දක්වා රහසිගත බාලදක්ෂ ක්‍රියාකාරකම් වියට්නාමය තුල පැවති බවට වාර්තාවී ඇත.[1][2] බාලදක්ෂ ක්‍රියාකාරකම් WOSM විසින් පිළිගෙන නොමැති විශාලතම ජනගහණය ඇති රට වියට්නාමය වෙයි.