ෂාරුක් ඛාන්
From Wikipedia, the free encyclopedia
1965 වර්ෂයේ නොවැම්බර් මස දෙවෙනි දින උපත ලැබූ ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා සක්විති ලෙසින්ද හඳුන්වනු ලබයි. ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා රංගන ශිල්පියෙක් වන අතරම, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙකුද රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකුද වේ.
ෂාරුක් ඛාන් | |
---|---|
උපත | ෂාරුක් ඛාන් 2 නොවැම්බර් 1965 (1965-11-02) (වයස 58)[1] නව දිල්ලිය, ඉන්දියාව |
නිවහන | Bandra, මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දීය |
අධ්‍යාපනය | Hansraj College, දිල්ලි විශ්ව විද්‍යාලය [2] |
රැකියාව | චිත්‍රපට නළු, චිත්‍රපට නිෂ්පාදක , රූපවාහිනී සත්කාරක |
සක්‍රීය වසර | 1988–වර්තමානය තෙක් |
කලත්‍රයා(යන්) | ගෞරි ඛාන් (වි. 1991) |
දරුවන් | 3 |
අත්සන | |
ෂාරුක් ඛාන් සිය රංගන දිවිය 1980 දශකයේ රූපවාහිනී වැඩසටහන් මාලාවන් අතුරින් ආරම්භ කරනු ලබනු අතර ඔහු සිය සිනමා දිවිය ආරම්භ කරනු ලබන්නේ "දීවානා" (Deewana - 1992) චිත්‍රපටියෙනි. එතැන් සිට වාණිජ සිනමාවේ වාණිජ අතින් සාර්ථක චිත්‍රපට ගණනාවක් සඳහා අග්‍රගන්‍ය මෙහෙයක් ඉටුකරමින් සිටිනු ලබන මොහු, ඔහුගේ රංගන කුසලතාවන් සඳහා විචාරක ප්‍රතිචාර රැසක් හිමිකරගෙන ඇත. මොහුගේ රංගන දිවිය තුළ ඔහු "ෆිල්ම් ෆෙයාර්" සම්මාන උළෙලේ (Filmfare Awards) සම්මාන දහතුනක් හිමිකරගෙන ඇති අතර, එයින් හතක්ම ඔහු හිමිකරගෙන ඇත්තේ "හොඳම නළුවා" අංශයෙනි.
දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ (1995), කුච් කුච් හෝතා හේ (1998), චක් දේ ඉන්දියා (2007), ඕම් ශාන්තී ඕම් (2007) සහ රබ් නේ බනා ඩි ජෝඩී (2008) යන ඉහත කී චිත්‍රපටි ෂාරුක් ඛාන්ගේ රංගන දිවියේ අමතක නොවන සටහන් අතර අග්‍රගණ්‍ය රංගන ප්‍රතිභාවන් පෙන්නුම් කෙරෙන චිත්‍රපටි අතර වේ. එමෙන්ම කබි කුෂි කබි ගම් (2001), කල් හෝ නා හෝ (2003), වීර්-සාරා 2004) සහ කබි අල්විදා නා කෙහෙනා (2006) යන ඔහු රංගන දායකත්වය දැක්වූ චිත්‍රපටි ඒ ඒ වර්ෂවලදී වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටි අතර ප්රමුඛස්ථානයක් ගනී. 2000 වර්ෂයේ සිට ෂාරුක් ඛාන් රංගධාරියකු වශයෙන් පමණක් නොව චිත්‍රපටි නිෂ්පාදකයෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් කරළියට පැමිණේ. ඔහු මේ වන විට "ඩ්‍රීම්ස් අන්ලිමිටඩ්" සහ "රෙඩි චිලීස්" යන ආයතනයන් දෙකෙහි හිමිකාරත්වය දරනු ලබයි. 2008 වර්ෂයේදී නිව්ස් වීක් සඟරාව ඔහු ලොව බලවත්ම පුද්ගලයින් 50දෙනා අතරට නම් කරනු ලබයි.