සමලිංගිකත්වයේ ඉතිහාසය
From Wikipedia, the free encyclopedia
සමලිංගික සබඳතා පිළිබඳ සමාජ ආකල්ප කාලය හා ද්වීපය අනුව වෙනස් වී ඇත. සියලු පිරිමින් සමලිංගික සම්බන්ධතාවල නිරත වීම, සාමාන්‍යයක් ලෙස ඒකාබද්ධතාවය හා පිළිගැනීමේ සිට සමලිංගික චර්යාවන් සුළු පාපයක් ලෙස දැකීම, ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම, අධිකරණ යාන්ත්‍රණයන් හරහා එය මර්දනය කිරීම සහ මරණීය දණ්ඩනය පනවා එය තහනම් කිරීම දක්වා ජගත් සමාජයීය ආකල්ප විවිධාකාර වී ඇත. 1976 දී කරන ලද අධ්‍යයනයක දී, ග්වෙන් බ්‍රෝඩ් සහ සාරා ග්‍රීන්, සම්මත හරස් සංස්කෘතික නියැදියෙන් ලබා ගත හැකි ජනවාර්ගික අධ්‍යයනයන්හි සමලිංගිකත්වය පිළිබඳ ආකල්ප හා සංඛ්‍යාතය සංසන්දනය කළහ. ඔවුන්ට වැටහී ගිය පරිදි ප්‍රජාවන් 42 න් 9 ක් තුළ සමලිංගිකත්වය පිළිගැනීම හෝ නොසලකා හැරීම සිදු කෙරුණු අතර ප්‍රජාවන් 5ක සමලිංගිකත්වය පිළිබඳ සංකල්පයක් නොතිබුණි. 11 එය නුසුදුසු යැයි සැලකූ නමුත් දඬුවම් නියම කළේ නැත. 17ක දැඩි ලෙස දැඩි සේ හෙලා දැක දඬුවම් කරනු ලැබීය. ප්‍රජාවන් 70 ක් අතුරින්, සමලිංගික සේවනය 41 හි සංඛ්‍යාතයෙන් නොපැවතීම හෝ දුර්ලභ බව වාර්තා වූ අතර 29 ක එය දක්නට ලැබේ හෝ අසාමාන්‍ය නොවේ යැයි ඔවුහු වාර්තා කළහ. [1] [2]
පුරාණ ග්‍රීසියේ එය යම් ආකාරයකින් පිළිගනු ලැබීය. කෙසේ වෙතත්, පසුකාලීන සංස්කෘතීන්හි ඒබ්‍රහමීය ආගම්වල බලපෑමෙන්, නීතිය සහ පල්ලිය දිව්‍ය නීතියට එරෙහි වරදක් හෝ සොබාදහමට එරෙහි අපරාධයක් ලෙස සොදොම් පාපය යැයි නම් කොට ස්ථාපිත කරන ලදී.
බොහෝ පිරිමි ඓතිහාසික චරිත (සොක්රටීස්, බයිරන් සාමි, එංගලන්තයේ දෙවන එඩ්වඩ්, සහ හේඩ්රියන් [3] වැනි) සමලිංගික හෝ ද්වීලිංගික වන්නට ඇතැයි මත පවතී. මිචෙල් ෆූකෝ වැනි සමහර විද්වතුන් මෙය සලකන්නේ සමකාලීන සමාජීය ව්‍යුහයක් ඔවුන්ගේ කාලයට හඳුන්වා දීම අවදානමක් ලෙස ය. [4] අන් වියත්හු ඔහුගේ ප්‍රකාශය අභියෝගයට ලක් කරති. [5] [6] [7]
ඉදිකිරීම්වාදී තර්කයේ පොදු මුහුණුවරක් නම්, පෞරාණික හෝ මධ්‍යතන යුගයේ කිසිවෙකු සමලිංගිකත්වය අද්විතීය, ස්ථිර හෝ නිර්වචනය කළ ලිංගික ක්‍රමයක් ලෙස අත්විඳ නැති බවයි. ජෝන් බොස්වෙල් මෙම තර්කය ප්‍රතික්ෂේප කළේ ප්ලේටෝගේ පුරාණ ග්‍රීක ලියවිලි උපුටා දක්වමිනි. [8] එම ලිය කියවිලි බහිෂ්කාර සමලිංගිකත්වය ප්‍රදර්ශනය කළ පුද්ගලයින් පිළිබඳ විස්තර කරයි.