ස්වභාවාදය
From Wikipedia, the free encyclopedia
ස්වභාවාදය හෙවත් නග්නවාදය යනු බොහෝ සෙයින් පෞද්ගලික දේපල වලදී සමාජීය නග්නත්වයෙහි යදෙන, දිරිගන්වන සහ එය ආරක්ෂා කරන, සංස්කෘතිකමය සහ දේශපාලනිකමය ව්‍යාපාරයකි. මෙම පදය පෞද්ගලික, පවුල් සහ/හෝ සමාජීය නග්නත්වය පාදක කරගත් දිවිපැවැත්මක් ගැන කතා කීරීමටද යොදා ගනී.[1]
ස්වභාවාදය සහ නග්නවාදය යන පද දෙකම බොහෝවිට පොදුවේ එකම අදහසක් ගැන කතා කිරීමට යොදා ගත්තද, ස්වභාවාදය තුලදී බොහෝ සෙයින් ස්වභාව වාදය සහ/හෝ අධ්යත්මවේදය පිළිබද අදහස් ද පිළිපදින අතර, නග්නවාදය තුලදී බොහෝවිට එවැනි දේ විශ්වාස නොකෙරේ. මේවායෙහි සුවිශේෂත්වය වන්නේ මේවා බොහෝවිට කිසිසේත්ම ලිංගිකත්වය පාදක කොට නොගත්, වයස් හෝ ලිංග භේද වලින් තොරව නග්න මිනිස් සිරුර ස්වභාවික තත්වයක් ලෙස පමණක් සලකනු ලබන ළමුන් ඇතුළු පවුලේ සැමට එකට සහභාගී විය හැකි ඒවා වීමය.