සුපිරි පරිගණක
From Wikipedia, the free encyclopedia
සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක් ඇති සුපිරි පරිගණකවල දත්ත සකසන (processor) දහස් ගණනක්, ප්‍රධාන මතකය (RAM) සහ දෘඪ තැටි (HDD) ධාරිතාවය පෙටාබයිට්/එක්සාබයිට් පරිමාණයක තරම් විශාල අගයක් සහ මෙම උපකරණ එකිනෙක සම්බන්ධ කරන අධිවේගී දත්ත හුවමාරුවක්ද ඇත. 1960 ගණන් වල සුපිරි පරිගණක හදුන්වාදීමෙන් පසු ඒවායේ විකාශනය වේගයෙන් සිදුවූ අතර වර්තමානයේ ගණිතකර්ම, භූවිද්‍යා සමීක්ෂණ, මහාපරිමාණ ජාලා කළමණාකරණය, රාජ්‍යතාන්ත්‍රික හා යුධමය කටයුතු ඇතුළු නානා විධ කර්තව්‍යයන් රාශියක් සදහා සුපිරි පරිගණක දහස් ගණනක් යොදාගනී.
දැනට ලෝකයේ පවතින ප්රබලතම සුපිරි පරිගණකය ජපානයේ ෆුජිත්සු ආයතනයට (Fujitsu) අයත් K computer නම් සුපිරි පරිගණකයයි. එහි සකසන හැකියාව පෙටා ෆ්ලොප්ස් (PFLOPS) 10.51කි . එහි SPARC64 VIIIfx වර්ගයේ දත්ත සකසන 88,000ක් සේවාදායක පරිගණක රාක්ක 864ක් පුරා පැතිර ඇත.
සුපිරි පරිගණක ලෙස සලකන ලද්දේ එය හඳුන්වා දෙන ලද කාලයේදී සැකසුම් ධාරිතාව අතින් විශේෂයෙන්ම එහි ගණනය කිරීමේ වේගය අතින් ඉදිරියෙන්ම සිටි පරිගණක විශේෂයය. “සුපිරි පරිගණක (Super computer)” යන යෙදුම මුලින්ම පොදු භාවිතයට පැමිණියේ 1929 දී New York World පුවත්පත විසින්, IBM ආයතනය මඟින් කොළොම්බියා සරසවිය වෙනුවෙන් ගැනුම්කරුගේ ඉල්ලීම අනුව නිපදවන ලද විශාල ඵලක වෙත යොමු කිරීමෙනි.