2005 ජූලි 7 ලන්ඩන් පිපිරවීම්
From Wikipedia, the free encyclopedia
2005 ජුලි 7 වන දින ලන්ඩනයේ සිදුවු බෝම්බ පිපිරීම, 7/7 බෝම්බ පිපිරීම් ලෙසද හඳුන්වයි. මෙය සිදුවුයේ එදින උදෑසන 8.50 ටය. එය එරට ප්‍රවාහන පද්ධතිය තුළ මහත් අපහසුතා මතු කරන්නට හේතුවුයේ එම වේලාව වඩාත් කාර්යබහුල වේලාවක් වු නිසාය. තත්පර පහලොවක් ඇතුලත බෝම්බ තුනක් පුපුරා ගිය අතර, එය සිදුවුයේ ලන්ඩනයේ උමං දුම්රියන් තුළය. 9.47 ට, ඒ ටැව්ස්ටොක් චතුරශ්‍රයේදීය. මෙම බෝම්බ වලින් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් හතර දෙනෙකුද සාමාන්‍ය වැසියන් 52ද මරණයට පත්වු අතර 700 දෙනෙකු තුවාල ලැබුවේය. එමෙන්ම නාගරික ප්‍රවාහන සහ සන්නිවේදන පද්ධති ජාලයද අවුල් වියවුල් විය.
ස්ථානය | ලන්ඩන්, එක්සත් රාජධානිය |
දිනය | 7 July 2005 8:50 පෙ.ව – 9:47 පෙ.ව (UTC+1) |
පහර දුන් ආකාරය | මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම |
මරණ සංඛ්‍යාව | 52 |
තුවාලකාරයන් සංඛ්‍යාව | 700 |
අපරාධකාරයා | හසිබ් හුසේන්, මොහොමඩ් සිඩිකියු ඛාන්, ජර්මයිනි ලින්ඩ්සේ සහ ශෙහ්සාඩ් ටන්වීර් |