2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය
From Wikipedia, the free encyclopedia
2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යනු 20 වන ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වන අතර එහි සත්කාරකත්වය දරන්නේ බ්‍රසීලය යි. මෙම ජාත්‍යන්තර පිරිමි පාපන්දු තරගාවලිය, 2014 ජුනි මස 13 වන දින කාණ්ඩ මට්ටමෙන් ඇරඹී 2014 ජූලි මස 14 වන දින අවසන් මහා තරගය ත් සමග අවසන් වීමට නියමිත ය.[1] 1950 වසරෙන් පසුව බ්‍රසීලය මීට සත්කාරකත්වය ලබා දෙන්නේ දෙවන වරට ය. 1978 වසරේ ආර්ජන්ටිනාවෙන් පසුව පස් වන වරට දකුණු ඇමරිකානු රටක මෙම තරගාවලිය පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර පාපන්දු සංගමය විසින් 2007 දී තීන්දු කළ පසුව බ්‍රසීලය අභියෝග විරහිත ව 2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය සඳහා තේරී පත් විය.
Quick Facts Copa do Mundo da FIFA, තරගාවලි විස්තර ...
Copa do Mundo da FIFA | |
---|---|
තරගාවලි විස්තර | |
සත්කාරක රට | බ්‍රසීලය |
දින | ජුනි 12 – ජූලි 13 |
කණ්ඩායම් | 32 (මහා සම්මේලනය5ක් වෙතින්) |
ස්ථාන(ය) | 12 (නගර 12) ක දී පැවැත් වේ) |
ශූරතාව | |
ජයග්‍රාහකයෝ | ජර්මනිය (4 වන ශූරතාව) |
අනුශූරතාව | ආර්ජන්ටිනාව |
තෙවන ස්ථානය | නෙදර්ලන්තය |
සිව්වන ස්ථානය | බ්‍රසීලය |
තරගාවලියේ සංඛ්‍යා විස්තර | |
ක්‍රීඩා කළ තරග | 64 |
ලැබූ ගෝල | 171 (තරගයකට 2.67 බැගින්) |
පැමිණීම | 3,429,873 (තරගයකට 53,592 බැගින්) |
වැඩිම ලකුණු ලාභී(න්) | ජේම්ස් රොඩ්රිගුවස් (ගෝල 6) |
← 2010 2018 → |
Close